පිරිමියෙකු ලෙස ඉපිද ගැහැනියක් වී ජීවිතය විඳින ඇය.... REENA SILVA

ලැබුණු ජීවිතය ආශිර්වාදයක් ලෙස භාරගන්නෙ බොහොම සුළු පිරිසක් විතරයි. පිරීමියෙකු ලෙස ඉපිද කාන්තාවක් ලෙස සංක්‍රාන්ති සමයක් පසු කරගෙන පැමිණීම පහසුකාර්යයක් නොවෙයි. සමාජයෙන් ලැබෙන තාඩන පීඩන සියල්ලක්ම මැඬගෙන තමන්ගේ ජීවිතය සාර්ථක කරගත් සංක්‍රාන්තික පුද්ගලයෝද ඕනෑතරම්. ඇයත් එවැනි විශේෂ කාන්තාවක්. මේ වන විට සමාජ ක්‍රියාකාරිනියක් ලෙසද කටයුතු කරන ඇය රීනා සිල්වා.

සොබාදහමෙන් උරුම වූ ජීවිතය වෙනස් කර ගැනීම ගැන ඇය පැවසූවේ මෙවන් අදහසක්. 

මම වැරදි ශරීරයක සිරවී සිටින බව කාලයක ඉහතදී මට සිතුණා. එම නිසා මට තේරුම් ගන්න පුළුවන් කාලය වන විට ඒ සඳහා සුදුසු ප්‍රතිකාර වලට යොමු වුණා. ඉන්පසු ටික කාලයකට පසුව මේ ඉන්න විදිහට ජිවිතය ආරම්භ කළා මම සිතන විදිහට අපේ අවසන් හුස්ම යන මොහොතෙ සතුටෙන් මියැදෙන්න ඕනැ.

එවැනි ජීවිතය අත් විඳීමේදී ඇති වූ බාධා ගැන ඇය ප්‍රකාශ කළේ; ඇය ගොඩක් සංවේදී වන්නේ ඒ කටුක අතීතය මතක්වන විට බවයි. ඇය තවදුරටත් ප්‍රකාශ කළේ, "ඒ කටුක අතීතය මතක්වන විටයි මගේ පවුලෙන් මට ආදරය නොලැබෙන විට මම ගොඩක් අසරණ වුණා තාත්තගෙන් ගොඩාක් ගුටි බැට ලැබුණා. ඒ දේවල් දරා ගන්න බැරිම තැන මම ගෙදරින් ගියා දවස් ගණන් මහ පාරේ ජීවිතය ගැට ගහගන්න වෙහෙසුණා ඉන්පස්සෙ යහළුවෙකු මාර්ගයෙන් නවතින්න තැනක් සොයා ගත්තා . ඒ දවස්වල සමාජයෙන් පවා අපහාස විඳින්න සිදුවුණා. නමුත් ඒ කටුක අතීතයට නොබියව මුහුණ දුන් නිසා මේ වන විට මට කලා ශිල්පිනියක් වීමට අවස්ථාව ලැබී තිබෙනවා. 

සටහන - ඉෂංකා ජයසූරිය 

 

ශ්‍රී ලාංකේය කම්කරු ඉතිහාසය යනු දශක ගණනාවක් පුරා අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් ලේ, කඳුළ සහ දහඩිය හෙළූ අභිමානවත් අරගලයක කතාවකි. Read Previous

ශ්‍රී ලාංකේය කම්කරු ඉතිහාසය යනු දශක ගණනාවක් පුරා අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් ලේ, කඳුළ සහ දහඩිය හෙළූ අභිමානවත් අරගලයක කතාවකි.

පොහොසත් රටකට ජනපතිගෙන් පොරොන්දුවක් Read Next

පොහොසත් රටකට ජනපතිගෙන් පොරොන්දුවක්

Realted Post

Leave a comment