පොසොන් පසළොස්වක පෝය - මහින්ද තෙරණුවෝ ලක්දිවට වැඩමකරවීම

ස්වයං විනෝදය පිණිස මුව දඩයමේ යෙදී සිටි තිස්ස රජ හට “මිස්සක පව්ව” අසලදී   මුළු ශ්‍රී ලංකා වාසී ජනයා පිළිබදව අව්‍යාජ අනුකම්පාවකින් ජම්බුද්දී(වී)පයේ සිට වැඩි “මිහිදු” මහ රහතන් වහන්සේ ඇතුලු පිරිස(ඉට්ඨිය, උත්තිය, සම්බල, බද්දසාල යන රහතන් වහන්සේලාත්,ෂඩ් අභිඥාලාභී සුමන සාමනේරයන්ද,භණ්ඩුක නම් අනාගාමී උපාසකවරයා) මුණ ගැසුනේ මෙම පොහොය දිනයේ දීය.

රජතුමා ඇතුළු පිරිස පංච සීලයේ පිහිටුවා ඔවුන් හට “චුල්ල හත්ථි පදෝපම” සූත්‍රය දේශනා කලේය. මෙඟි ඇති තවත් විශේෂයක් වනුයේ මෙම චුල්ල හත්ථි පදෝපම සූත්‍රය මිහිදු හිමියන් විසින් ප්‍රථම වරට දේශනා කරන ලද බණ වීමයි.ඉන් අවසානයේදී මේයට සහභාගී වී සිටි අනෙකුත් දෙවි දේවතා සමූහයට “සචිත්ත පරියාය” සූත්‍රය දේශනා කළහ.

චූල හත්ථි පදෝපම සූත්‍රය පිළිබදව ස්වල්ප විග්‍රහයක් කළහොත්, මෙම සූත්‍රයෙන් අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ සම්‍යක් සම්බුද්ධ භාවයත්, ධර්මයෙහි ඇති සත්‍ය භාවයත්, සංඝයා වහන්සේලා සතු අප්‍රමාණ ගුණ මහිමයත් හා ත්‍රිවිද රත්නයේම ඇති අති ශ්‍රේෂ්ඨත්වයත් පෙන්වා දෙයි. මිහිදු මාහිමියන්ගේ වැඩමවීම පිළිබද්ව තවදුරටත් සාකච්ඡා කරන කළ උන් වහන්සේ මෙරටට වැඩම කොට ඉන් පසු දින අනුරාධපුරයට වැඩම කොට රජගෙදර විශේෂ මණ්ඩපයක සිටි බිසෝවරුන් ඇතුලු 500ක් කාන්තාවන් පිරිසකට “විමානවත්ථු, පේතවත්ථු හා සච්ච සංයුක්ත” යන ධර්ම දේශනා කළහ. ඉන් අවසන “අනුලා” දේවිය ඇතුළු 500ක් කාන්තාවෝ සෝවාන් වෝ අනාගාමී විය. ඉන් දෙවන දිනයේදී රජුගේ ඇත් හලේදී රට වැසියා වෙනුවෙන් “දේව දූත” සූත්‍රය දේශනා කළහ. ඉන් අනතුරුව 1000ක් දෙනා සෝවාන් ඵලයෙහි පිහිටියහ. ඉන් පසු රාජ උයනේදී “බාල පණ්ඩිත” සූත්‍රය දේශනා කිරීමෙන් 1000ක් කාන්තාවන් සෝවාන් විය. මේ වන විට 2500කට අධික පිරිසක් මාර්ගඵල ලබා සිටියහ. තුන්වන දිනයේ දී මිහිදු හිමියන් රජමාළිගයෙන් දන් වළඳා “නන්දන” වනයෙහි වැඩ සිට “ආසීවසෝපම” සූත්‍රයද හතර වන දිනයේදී “අනමතග්ගිය සංයුක්තිය” දේශනා කළ අතර ඉන් අනතුරුව 1000ක් දෙනා ධර්ම අවබෝධය ලැබීය. පස්වන දින “ධම්ම චක්ක පවත්තන” සූත්‍රය දේශනා කළේය. එසේ දින හතක් තුළදී 8500කට අධික ප්‍රමාණයක් මාර්ග ඵල අවබෝධය ලැබීය. මෙසේ මිහිදු හිමියන්ගේ ලංකා ගමනය නිසා අනුරාධපුර මහා විහාරය ඇතිවිය. මිහිදු හිමියන් වැඩවිසූ උයන “ජෝතිය” උයන ලෙසින් හැදින් විනි. තවද පොසොන් පුන් පොහොය දිනයේ දී සිදුවූ සුවිශේෂීවු සිදු වීම් කිහිපයකි. ඉන් එකක් නම් අප මහ ලොව්තුරා බුදු පියාණන් වහන්සේ බුදු වී සිව්වන සතියේ “රුවන්ගෙයි” වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කරන බුදු පියාණන්ගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝණ බුදුරැස් විහිදීමද, ලක්දිව ප්‍රථම මහණ උප සම්පදාව වන “භණ්ඩුක” උපාසක මහණ උප සම්පදාවද මෙම උතුම් පොහොය දිනදී සිදු විය.

සැම කළට උවැසි විශාකාවගේ කළමනාකරණය Read Previous

සැම කළට උවැසි විශාකාවගේ කළමනාකරණය

Geek Avurudu 2026 උත්කර්ෂවත් අන්දමින් නිමාවෙයි Read Next

Geek Avurudu 2026 උත්කර්ෂවත් අන්දමින් නිමාවෙයි

Realted Post

Leave a comment