බදුල්ල සිසුන්ගේ ආරක්ෂාවට සැලසුම් දියත් වෙයි

දිවයිනට බලපෑ සුළිකුණාටු තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් පද්ධතියට සිදුව ඇති හානි නිරීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  දෙසැම්බර් 24 දින විශේෂ නිරීක්ෂණයක නිරත වූවාය.

​මෙම ගමනේදී වැලිමඩ මුස්ලිම් මහා විද්‍යාලය (ජාතික පාසල) වෙත පැමිණි අග්‍රාමාත්‍යවරිය, එහි පවතින අවදානම් සහගත තත්ත්වය පිළිබඳව සොයා බැලුවාය.

​අධික වර්ෂාවත් සමඟ මා ඔය පිටාර ගැලීම හේතුවෙන් පාසල් භූමිය දැඩි ලෙස ඛාදනයට ලක්ව ඇති ආකාරය අගමැතිනියගේ විශේෂ අවධානයට යොමු විය. මෙම තත්ත්වය හේතුවෙන්, පාසල් ගොඩනැගිලි පද්ධතියට සෘජු තර්ජනයක් එල්ල වී තිබීම, පාසල් දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇති දැඩි අවදානම, භෞතික සම්පත් විනාශ වීමේ අවදානම යන කරුණු පිළිබඳව එහිදී නිලධාරීන් සහ විදුහල්පතිවරයා සමඟ සාකච්ඡා කළාය.

​පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමටත්, ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමටත් අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරිය මෙහිදී අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය.

ඛාදනය වැළැක්වීම සඳහා අවශ්‍ය තාක්ෂණික විසඳුම් සහ ප්‍රතිසංස්කරණ කටයුතු ප්‍රමුඛතාවය මත සිදු කිරීමට රජයේ අවධානය යොමුව ඇති බවද අවධාරණය කළාය.

​මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර,වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ගුරුවරුන් සහ දෙමාපියන් පිරිසක් සහභාගී වූහ.

Janashakthi Financeහි ප්‍රධාන මූල්‍ය නිලධාරිනි පුටුව ඉවෝන් බ්‍රෝහියර් Read Previous

Janashakthi Financeහි ප්‍රධාන මූල්‍ය නිලධාරිනි පුටුව ඉවෝන් බ්‍රෝහියර්

Janashakthi Financeහි ප්‍රධාන මූල්‍ය නිලධාරිනි පුටුව ඉවෝන් බ්‍රෝහියර් Read Next

Janashakthi Financeහි ප්‍රධාන මූල්‍ය නිලධාරිනි පුටුව ඉවෝන් බ්‍රෝහියර්

Realted Post

Leave a comment