මෙයාගේ පහරදීම නම් අමුතුම තාලේ විදිහක්..

මේ වගේ තියුණු දත් වලින් පිරුණු රවුම් මුඛයක් තියෙන ජීවියෙක් ඔයා කවදා හරි දැකලා තියෙනවද? 

ඒ ලැම්ප්‍රේ, අවුරුදු දහස් ගණනක් පැරණි, පැරණිතම සාගර ජීවීන්ගෙන් කෙනෙක්. 

මේ ජීවියා විල් සහ ගංගාවල ජීවත් වන අතර විශාල මසුන් තමුන්ගේ ගොදුරක් බවට කර ගැනීමට ඇති විශ්මිත හැකියාව සඳහා ප්‍රසිද්ධයි.

ලැම්ප්‍රේට ඇත්තේ විශ්මයජනක මුඛය මෙම සත්ත්වයාගේ කැපී පෙනෙන ලක්ෂණයක්. 

එය රවුම් තියුණු දත් පේළි වලින් සමන්විත වන අතර, එය මාළුන්ගේ ශරීරයට සම්බන්ධ වී ඔවුන්ගේ රුධිරය සහ මස් උරා ගැනීමට භාවිතා කරනවා. 

ඔබට පින්තූරයේ පෙනෙන පරිදි, එම භයානක රවුම් සිදුරු දක්නට ලැබෙනවා. 

මෙම සත්වයා සමතුලිත පරිසර පද්ධතියේ කොටසක් වන අතර, ඇතැම් මසුන්ගේ ගහණය පාලනය කරනවා.  

ඔයාලගේ කකුලේ එල්ලුනොත් කොහොමට හිටිවිද?.. 

 එකපාරටම මතක් උනේ කුඩැල්ලාව නේද? 

සටහන - කසුනි විජේසිංහ

පාසැල් දරුවන්ට නොමිළේ  ඇස් කණ්ණාඩි Read Previous

පාසැල් දරුවන්ට නොමිළේ ඇස් කණ්ණාඩි

TVS Knowledge Center රාගමට Read Next

TVS Knowledge Center රාගමට

Realted Post

Leave a comment