මේක ඔළුවේ තියෙනතාක් මිනිස්සු අනුන් ගැන හොයන්නේ නැතුව ඉදිවී - පූජ්‍ය කත්නොරුවේ හිමි

සල්ලි තියෙන මිනිස්සුන්ට ධනය තියෙනවද ? තථාගතයන් වහන්සේ උගනවනවා තමන් උපමා කරගන්න කියනවා, සල්ලි තියෙන මිනිස්සුන්ට

සන්තුට්ඨි-පරමං-ධනං. 

සතුටු වෙන්න සල්ලි ඕන කිවුවට, අහල බලන්න සල්ලි තියෙන මිනිස්සුන්ගෙන් ඔවුන්ට සතුට තියෙනවද කියලා?

මිනිස්සු සතුට මොකද්ද කියන එක හොයාගන්න බැරුව සල්ලි හොයනවා, ධනය මොකද්ද කියලා හොයාගන්න බැරුව සල්ලි හොයන්න යනවා.

සල්ලිවලින් කරන්න පුළුවන් දේකට තියෙන්නේ ද්‍රව්‍ය මිලදී ගැනීම පමණයි.
 
සල්ලිවලින් කල්‍යාණ මිත්‍රත්වය, සෙනෙහස, අපි බලාපොරොත්තු වෙන ආදරේ ගන්න පුළුවන්ද?

අපි දකිනවා මාලිගාවගේ ගෙවල්. වාහන දෙක තුන තියෙනවා. සල්ලි තියෙනවා. හැබැයි පැලක තියෙන සතුටවත් ඒ මාලිගාවේ නැහැ.

ඒ ජීවිතවල කදුළු කතාවක් තියෙනවා.

මාලිගාවක් වගේ ගෙයක් දැක්කම පින්කාරයි කියලා කියනවා නේද?

මේ ගම්වල තියෙන සැනසීම ඒ මාලිගාවල නැහැ.
 
කල්පනා කරලා බලන්න පිංවතුණි, ඇඬුවා නම් ඇඩුවේ කවුරු හින්දද? 
අපි,අපි ගැන හිතලා අඩන අවස්ථා අල්පයි. අඩන්නේ අනුන් නිසා.
භෞතික ලෝකේ මිනිස්සු සැප සතුට තීරණය කරන්නේ අනුන් වෙනුවෙන්.
හිතන්න ගෙවල් දොරවල්වල තියෙන රන් රිදී ආභරණ ආරක්ෂිතව තියෙනවා. ගෙදර ඉන්නකොට පළදින්නේ නැහැනේ. ඒ ආභරණ පළදින්නේ එළියට යනකොට. ඒ අනුන්ට පේන්න .

මිනිස්සු වැඩිපුරම ධනය හම්බ කරලා සුරක්ෂිත කරන්නේ අනුන් මත.
මිනිස්සු වැඩිපුරම වියදම් කරන්නේ අනුන්ට පේන හරියට.
ඒවගේම ගොඩක් වෙලාට මිනිස්සු අනුන්මත තමන්ගේ සැප සතුට තීරණය කරනවා.

අපේ සැප සතුට තීරණය කරන්න ඕන අපිමයි. අපේ සැප සතුට තහවුරු කරන්න ඕන අපිමයි. 
අවශ්‍යතාවය ඉෂ්ඨ කරනවා විනා ආශාව පසුපස යන්න එපා.
මේ කාරණේ ඔළුවේ තියෙනකල් මිනිසුන්ට පුළුවන් අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව ඉන්න.

පූජ්‍ය කත්නොරුවෝ හාමුදුරුවන්ගේ ධර්ම දේශනා ඇසුරින්. 

සටහන - අශන්ති වරුණසූරිය 

පිරිමින්ගේ රහස් ලොවට පවසන ’’වයිෆ්’’  දින 100 පසුකරයි Read Previous

පිරිමින්ගේ රහස් ලොවට පවසන ’’වයිෆ්’’ දින 100 පසුකරයි

විලාසිතා කරන ඔබ දැන්ම බලන්න | Sirikatha online | My Style | Fashion Read Next

විලාසිතා කරන ඔබ දැන්ම බලන්න | Sirikatha online | My Style | Fashion

Realted Post

Leave a comment