ලංකාවේ ප්‍රථම YouTube Diamond Play Button එක Wild Cookbook හිමිකර ගනී...

පසුගිය අවුරුදු ගණනාවක් පුරාවට සමාජ ජාලාවල තරුණියන් විතරක් නෙමෙයි තරුණයින් අතර පවා කතාබහට ලක්වුණු අපූරු චරිතයක් හිටියා. කෑම බීම, වලං පිඟන් උඩදාලා හදන කඩවසම් චෙෆ්ව ඔබට මතකද?

ඔහු නමින් චරිත් එන්. සිල්වා. ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග්‍රෑම්හී ඉතා සුළු කාලයකින් විශාල ප්‍රේක්ෂකාගාරයක් අත්පත් කරගැනීමට තරම් ඔහු දක්ෂ වුණා.

ඔහුගේ ආහාර පිසීමේ කලාව ටිකක් වෙනස්. චරිත් ඉතා සුළු කාල වෙලාවකින් විස්තර කිරීම් කිසිවකින් තොරව ක්‍රියාවෙන් පමණක් කෑම පිළියෙල කරගන්න කියලා දෙනවා. ඔහු එය ඉදිරිපත් කරන ආකාරය ගැන කාගෙත් අවධානයට,  කතාබහට ලක් වුණා.

විශේෂයෙන් තරුණියන් "මේ වගේ උයන්න පුළුවන් කොල්ලෙක් නම් බඳිනවා" වගේ ප්‍රකාශ පවා කළා.

 ආරංචියෙ හැටියට කඩවසම්‍ නිසා චරිත්ට රංගනයට පවා ආරාධනා ලැබුණු බවට කටකතා පැතිර ගියා. 


ඒ ඉවුම් පිහුම් කලාවෙන් වැඩ දාන හැඩකාරයා අද වෙනකොට මිලියන ගානක ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගැනීමට සමත් වෙලා තියෙනවා. 


ඉතින් ශ්‍රී ලාංකේය youtube ඉතිහාසය උඩ යටිකුරු  කරන්නට චරිත්ට හැකියාව ලැබුණා. ඒ යූටියුබ් සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 100 පසු කරමින්. 


ඔහු ඒ අනුව ශ්‍රී ලාංකීය ඉතිහාසයේ පළමු වන බවට  youtube වේදිකාව තුළ පළමුවැනි Diamond Play Button එක දිනා ගැනීමට සමත් වූ චරිතය බවට පත්වනවා. 


අද වෙනකොට ලංකාවේ විතරක්ම නෙමෙයි දෙස් විදෙස් රටවලත් චරිත්ගේ වීඩියෝස් නරඹන බොහෝ දෙනෙක් සිටිනවා. 

 ඒ අනුව වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් cooking channels අතර චරිත්ගේ Wild Cook book චැනල් එකත් ඉන්නවා. 


ඉතින් ලංකාවේ නාමට ඉහළටම අරන් යන්න සහ ඔබගේ ඉදිරි ගමන වඩා ජයෙන් ජය වේවායි සිරිකත අපි සුබ පතවා.

 

සටහන - කසුනි විජේසිංහ 

 

රඟපෑමෙන් අධ්‍යක්‍ෂණයට ගිය කලාකරුවා Read Previous

රඟපෑමෙන් අධ්‍යක්‍ෂණයට ගිය කලාකරුවා

සජිත් ප්‍රේමදාස මහතා සිංගප්පූරු පර්යේෂණ ඒජන්සියක සංචාරය Read Next

සජිත් ප්‍රේමදාස මහතා සිංගප්පූරු පර්යේෂණ ඒජන්සියක සංචාරය

Realted Post

Leave a comment