ලොව දුප්පත් ම ජනපති අවසන් ගමන් යයි.

ලෝකයේ දිළිඳුතම ජනාධිපතිවරයා ලෙස ප්‍රසිද්ධියට පත් උරුගුවේ හිටපු ජනපති ජෝස් මුජිකා අවසන් ගමන් ගොස් ඇත. මිය යන විට ඔහුට වයස අවුරුදු 89කි. 

2010 වර්ෂයේ සිට 2015 දක්වා උරුගුවේ 40 වැනි ජනපති ලෙස මොහු කටයුතු කර ඇත. ඔහුගේ සරල ජීවන රටාව නිසාම "ලෝකයේ දුප්පත් ම ජනාධිපතිවරයා" ලෙස ප්‍රසිද්ධියට පත් වී තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ කළක සිට පිළිකා රෝගයෙන් පීඩා විදි මොහුගේ මරණයට හේතුව මෙය වන්නට ඇති බවයි. නමුත් මරණයට නිශ්චිත හේතුවක් සඳහන් නොවේ. 

පාරිභෝගිකවාදය පිළිබඳ පැවති විවේචනය හා ප්‍රවර්ධනය කළ සමාජ ප්‍රතිසංස්කරණයන් හේතුවෙන් ජෝස් මුජිකා ප්‍රසිද්ධ දේශපාලන චරිතයක් ලෙස ලතින් අමෙරිකාවෙන් පිටත පවා කවුරුත් හඳුනන චරිතයක් විය. 

ජනාධිපති ධූරය හොබවන සමයේ මුජිකා, ජනපති මන්දිරය වෙනුවට පිටිසර ගම්බද පිහිටි සිය ගොවිපොළ නිවසේ පදිංචිව සිට ඇත. 

වාමාංශික දේශපාලනඥයෙකු වූ මොහු උරුගුවේ වැසියන්ට හිමි වුණු නිහතමානී ජනාධිපතිවරයෙකි. දේශපාලනඥයෙකු, සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් මුජිකා මිය යන තුරු ම අබලන් වූ වොක්ස්වැගන් රථයක් භාවිත කර ඇති අතර මෙම රථය ද ලොව පුරා ජනප්‍රිය විය.


සහශ්‍රිකා දයානන්ද

දැක්කම හිහ ඇදිලා යන එයාගේ විලාසිතාව බලන්නකෝ Read Previous

දැක්කම හිහ ඇදිලා යන එයාගේ විලාසිතාව බලන්නකෝ

අඳුර මැදින් ආලෝකයට ජස්ටින් සහ හේලිගේ ජීවන පාඩම Read Next

අඳුර මැදින් ආලෝකයට ජස්ටින් සහ හේලිගේ ජීවන පාඩම

Realted Post

Leave a comment