වාර්තා පිට වාර්තා තබමින් මේ දශකයේ අතිශය ජනප්‍රිය වූ ස්කුයිඩ් ගේම් අවසන්

Emmy award කතා මාලාවක් වන Squid Game වටා මුලියන සංඛ්‍යාත රසිකයින් පිරිසක් සිටිනවා. 

එම කතාංගය Netflix හි ඉහළම අගයක් පෙන්නුම් කරන ලද කතා මාලාවකි.

එමෙන්ම දකුණු කොරියාවේ පමණක් නොව ලොකය පුරා එම කතාංගය අතිශයින් ජනප්‍රිය කතා මලාවක් බවට පත් වුණා. 

මෙම ප්‍රබන්ධ වැඩසටහන සාම්ප්‍රදායික කොරියානු ළමා ක්‍රීඩා මාලාවක්. 

මුදල් හිඟ ක්‍රීඩකයන් මෙම කතාංගය තුළ ක්‍රීඩා කරන අතර සෑම වටයකම පරාජිතයින් මරා දැමීම සිදු කරනවා. 

දකුණු කොරියාවේ බිහි වී පසු කාලීනව ලෝකය පුරාම නොඅඩු ආදරයක් දිනූ "Squid Game" කතා මාලාව පසුගිය දා අවසන් වුණා. 

2021 වසරේ සැප්තැම්බර් 17 මුලින්ම Netflix හරහා රිලීස් වූ Squid Game දැනටමත් cultural phenomenon එකක් බවට පත් වී අවසන්.

Netflix ලගේ ප්‍රධානම කතා මාලාව වෙන Stranger Things පවා පසු කරමින් Netflix ඉතිහාසයේ වැඩිම වාර ගණනක් නැරඹූ නෙට්ෆ්ලික්ස් ඔරිජිනල් සීරීස් එක බවට පත් වෙන්න Squid Game එකට ගත වුණේ දවස් කිහිපයයි.

Netflix ලා විසින් ඔවුන්ගේ Big Three හෙවත් ප්‍රධානම කතා මාලා තුනෙන් එකක් බවටත් Squid Game නම් කළා. 

ඔවුන් මෙලෙස නම් කෙරූ අනිත් ඔරිජිනල් සීරීස් දෙක වෙන්නේ Stranger Things සහ Wednesday.

ඉතිං එක සීසන් එකකින් අවසන් කරන්න නියමිත වූ සීරීස් එක තවත් සීසන්ස් දෙකකටම දීර්ඝ වුණේ එය ලැබූ මේ අතිශය ඉහළ සාර්ථකත්වය නිසාමයි.

පළවෙනි සීසන් එකෙන් පසුව දෙවෙනි සීසන් එක රිලීස් කරන්න අවුරුදු 3 කට වඩා ගත වුණා මතක ඇතිනේ? 

නමුත් දෙවෙනි සහ අවසන් සීසන් දෙක මාස 6 ක් ඇතුලත රිලීස් වෙනවා. 

ඒ නිෂ්පාදකයින් විසින් මේ සීසන් දෙකම එක දිගට රූගත කර ඇති නිසයි.

කොටස් 6 කින් සමන් විත Squid Game අවසන් සීසන් එක දැන් ඔබට නෙට්ෆ්ලික්ස් හරහා නරඹන්න පුලුවන්.

සටහන - කසුනි විජේසිංහ 

වාර්තා පිට වාර්තා තබමින් මේ දශකයේ අතිශය ජනප්‍රිය වූ ස්කුයිඩ් ගේම් අවසන් Read Previous

වාර්තා පිට වාර්තා තබමින් මේ දශකයේ අතිශය ජනප්‍රිය වූ ස්කුයිඩ් ගේම් අවසන්

රෝහල් ගතකරන විටත් ඇය මිය ගිහින්ලු... Read Next

රෝහල් ගතකරන විටත් ඇය මිය ගිහින්ලු...

Realted Post

Leave a comment