oxford ඉංග්‍රීසි ශබ්දකෝෂයේ වෙනසක්
ලොවක් පිළිගත් ප්‍රමුඛතම ඉංග්‍රීසි ශබ්දකෝෂයක් වන ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂ සඳහා වචන කිහිපයක් අලුතින් එක් කර තිබේ. ඒ ශ්‍රී ලංකාවේ බහුලව භාවිත වන වචන කිහිපයක් ඇසුරිනි.
මෙසේ අලුතින් එක් වූ වචන අතරට කොත්තු රොටී (Kottu roti),මැල්ලුම් (Mallung) යන වචන ඇතුළත් වේ. එසේ ම මෙරට ක්‍රිකට් ක්‍රීඩක ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය සංගීත භාණ්ඩයක් වන පපරේ (Papare) යන වචනය ද ඇතුළත් කර ඇත.
මීට අමතරව කිරිබත් (Kiribath), වටලප්පන් (Watalappan),ඔසරි (Osari),වලව්ව (Walawwa) යන වචන ද මෙම ඉංග්‍රීසි ශබ්දකෝෂයට ඇතුළත් කර තිබේ.
භාෂාමය හා සංස්කෘතිමය වැදගත්කමක් ඇති නව වචන කිහිපයක් මෙසේ ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයට ඇතුළත් කරමින් යාවත්කාලීන කර තිබේ.
- සටහන - සහශ්‍රිකා දයානන්ද
Leave a comment