ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩ භාරගනියි

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු විභාග කොමසාරිස් ජනරාල්වරිය ලෙස තේරී පත් වූ ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය ඊයේ (15) සිය ධුරයේ වැඩ භාර ගන්නා ලදී.

ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසා සිටියේ, විශ්වාසනීයත්වයෙන් සහ වලංගුභාවයෙන් යුතුව ඇගැයීම් හා තක්සේරුකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුවේ සියලුම නිළධාරීන් කැපවීමෙන් කටයුතු කරනු ලබන බවයි. 

වත්මන් රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිවලට අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ලබන වසරේ සිදුකිරීමට නියමිත බවත්, ඒ අනුව ඇගයීම් හා තක්සේරුකරණ ක්‍රියාවලිය වෙනස් වන බවත්, ඒ සඳහා ගුරුවරුන්ට අවශ්‍ය ඇගයීම් පිළිබඳව දැනුම ලබාදීමටත්, එම ඇගයීම් සිදුකිරීමට අවශ්‍ය උපදෙස් ලබාදීමටත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සියලුම කටයුතු සම්පාදනය කරන බව එතුමිය තවදුරටත් පවසන ලදී. 
එමෙන්ම නවීන තාක්ෂණය භාවිත කරමින් දෙපාර්තමේන්තුවේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද සඳහන් කරන ලදී.

සටහන: විශ්වනී හසලා

කෙසෙල් කොළ සත්කාරය අමතක නොවන්නක්. ලංකාව වන් මනුස්සකමින් පිරුණු දේශයක් තවත් නෑ - පඤ්ඤාකර හිමි Read Previous

කෙසෙල් කොළ සත්කාරය අමතක නොවන්නක්. ලංකාව වන් මනුස්සකමින් පිරුණු දේශයක් තවත් නෑ - පඤ්ඤාකර හිමි

එයාගේ සුබ පැතුම Read Next

එයාගේ සුබ පැතුම

Realted Post

Leave a comment