සමාජයේ Diamond හොයන Diamond Excellence Awards

පුද්ගලයෙක්, ආයතනයක් හෝ යම් කිසි ක්‍රියාදාමයක් ඇගයීම ලෙහෙසියෙන් පහසුවෙන් කළ හැකි දෙයක් නොවෙයි. එවැනි ක්‍රියාදාමයක් ආරම්භ කළ විශේෂ පුද්ගලයෙක් අප සමඟ සහ සම්බන්ධ වුණා. මේ Diamond Excellence Awards හි නිර්මාතෘ සහ අධ්‍යක්ෂක රුවන් ලසන්ත සමඟ සිදු කරන ලද සංවාද සටහනයි.

මොකක්ද Diamond Excellence Awards කියන්නේ ?

ව්‍යාපාරිකයෝ, ජන මාධ්‍ය වේදීන්, රූපලාවන්‍ය ශිල්පීන්, ගුරුවරුන්, ආදී සියලුම ක්ෂේත්‍ර ඇගයීමට ලක් කරනවා. දැනට ගොඩක් ව්‍යාපාරිකයෝ ඉන්නවා ඇගයීමකට ලක්වෙලා නැති අය. ඒ විදියට ඇගයීමකට ලක්වෙලා නැති අයව ඇගයීමකට ලක් කරලා ගෝලීය වශයෙනුත් සම්බන්ධ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඇතැම් අවස්ථාවලදී දේශීය වශයෙන් සිටින ව්‍යාපාරිකයන්ට ගෝලීය වශයෙන් සම්බන්ධ වීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේ අයට මේ තුළින් වටිනාකමක් එක් කරගන්න පුළුවන්. සෑම ක්ෂේත්‍රයක්ම වේ ආකාරයට ගෝලීය වශයෙන් සම්බන්ධ කරලා ඉදිරියට යන්න අවස්ථාව සලසලා තියෙනවා.

මෙවැනි දෙයක් කරන්න හිතුවේ ඇයි?

උදාහරණයක් විදියට ව්‍යාපාරිකයෝ ගමු. ඔවුන්ව බොහෝ වෙලාවට දේශීය වශයෙන් අගයීමකට ලක්වන්නේ නැහැ. අනෙක් අතට ලෝකයත් සමග සම්බන්ධ වෙන්න ක්‍රමයකුත් ඔවුන්ට නැහැ. මේ කරුණු දෙකම සලකා බලා ඔවුන්ගේ ව්‍යාපාර වැඩි දියුණු කිරීමට තමයි ප්‍රධාන පරමාර්ථය වන්නේ. 


 Diamond Excellence Awards ආරම්භ කිරීමට කටයුතු කළේ කොහොමද?


අපි අලුත් දෙයක් කරන්න තමයි හිතුවේ. ගොඩක් සම්මාන උත්සවවලදී සිදුවන්නේ සම්මානය ලබා දුන් පසු එම කටයුතු හමාර වීමක් පමණයි. නමුත් මෙහිදී කුමන ක්ෂේත්‍රයක හෝ වේවා සිටින දක්ෂයින් ඉදිරියට රැගෙන යාමක් අප විසින් සිදු කරනවා. 

Diamond Excellence Awards හි කාණ්ඩගත කිරීම ගැනත් සඳහන් කරමු. 
ව්‍යාපාරිකයෝ, ව්‍යවසායකයෝ, ජනමාධ්‍යවේදීන්, රූපලාවන්‍ය ශිල්පීන්, වෘත්තියවේදීන්, සංචාරක ක්ෂේත්‍රය යන සියලුම ක්ෂේත්‍ර ඇගයීමට ලක් කරනවා. 

ජයග්‍රාහකයින් තීරණය කරන්නේ කුමන ක්‍රියාදාමයක් මඟින්ද?

අපේ කමිටුව හය දෙනෙක්ගෙන් සමන්විත වෙලා තියෙනවා. මුලින්ම අයදුම්කරුවන්ට අපිත් සමඟ වට්සැප් මාර්ගයෙන්, වෙබ් මාර්ගයෙන් හෝ ගූගල් ශීට් එකක් මඟින් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම දුරකථන ඇමතුමක් මාර්ගයෙන් වුවත් සම්බන්ධ වෙන්න පුළුවන්. එලෙස සම්බන්ධ වන අයදුම්කරුවන්ගේ තොරතුරු සටහන් කරගෙන අධීක්ෂණය කරනු ලබනවා. ඉන්පසු ඔවුන්ව තෝරා පත් කරගන්නවා හෝ සම්මානයට පාත්‍ර කරන බවට දැනුම් දීමක් ලබා දෙනවා. 

හොඳම කෙනා තෝරාපත්කර ගන්නේදැයි තහවුරු කරන්නේ කොහොමද?

එකම ක්ෂේත්‍රයේ කීපදෙනෙක් අපිට අයදුම් කරලා තියෙනවා වෙන්නට පුළුවන්. ඒ අතරින් වැඩිම සුදුසුකමක් තියෙන හොඳම කෙනාව තෝරාපත් කරගනු ලබනවා.

මේ කර්තව්‍යයේදී ඇති වූ අභියෝග ගැනත් කියමු.

අපි මෙහෙම වැඩක් කරන්න තීරණය කළේ ජනවාරි මාසේ. ඉන්පසු සමාජ මාධ්‍ය හරහා මේ ගැන දැනුවත් කිරීම් කරන්න පටන් ගත්තා මාර්තු මාසේ ඉඳලා. ඒ තීරණයත් එක්ක ඇත්තටම අයදුම්පත්‍ර භාර ගැනීමේ සිට අවසානයේ සම්මානයක් ලබා දීම දක්වාම යන ගමන ඇත්තටම අභියෝගයක්. නමුත් ගැටළුවකින් සහ ගැටුමකින් තොරව මෙය සිදු කරනු ලබනවා. අපට ලබාදෙන අයදුම් පත්‍ර පමණක් හොඳින් සමීක්ෂණයට බඳුන් කරලා මේ කටයුත්ත සිදු කරන නිසා ගැටුම් ඇතිවීම සිදුවන්නේ නැහැ. 


සටහන: විශ්වනී හසලා 
ලංකාදීප Online Events වැඩසටහන ඇසුරෙන්

ශාරුක් ඛාන්ගේ පළමු ජාතික සම්මානය Read Previous

ශාරුක් ඛාන්ගේ පළමු ජාතික සම්මානය

කාන්තාවන් අතර බහුලව පවතින පියයුරු පිළිකා Read Next

කාන්තාවන් අතර බහුලව පවතින පියයුරු පිළිකා

Realted Post

Leave a comment