සිරිකත මතක් කළ වසර 41කට එහා ගිය මතකයක්…

කාලය කොතරම් වේගයෙන් ගෙවී ගියත්, සමහර ඡායාරූපවල තැන්පත් වී ඇති මතක කිසිදා පැරණි වෙන්නේ නැහැ. 1985 වසරේ, මවක් වූ රෝසි සේනානායක සිය කුඩා පුතු සමඟ සිරිකත කවරය සරසමින් සිටි ඒ සුන්දර මොහොත…

එදා ඔහු මේ ලෝකයට පැමිණි අලුත්ම ජීවිතයක්. මවගේ උණුසුමට තුරුළු වී සිටි ඒ පුංචි පුතු, වසර 41කටත් එහා ගිය ඒ ඡායාරූපයේ අදටත් ජීවත් වන මතකයක් බවට පත්ව තිබෙනවා.

එදා කැමරාව ඉදිරියේ සටහන් වූ ඒ මොහොත, අද ඔහු අප අතරින් සමුගත් පසු වෙනස්ම අරුතක් ගන්නවා. එදා අනාගතය දෙස බලා සිටි පුංචි පුතෙක්…
අද මතකයක් පමණක් ඉතිරි කරමින් නිහඬව සමුගෙන ගොස් තිබෙනවා.

මවකගේ තුරුළේ සිටි ඒ පුංචි දරුවාගේ ඡායාරූපය, අද ඔහුගේ ජීවිතය මතකයට නංවන සංවේදී සටහනක් වී තිබීම දෛවයේ අපූරු හැරවුමක්.
වසර 41කට එහා ගිය ඒ මතකය අද නැවතත් සිරිකත අපට මතක් කරන්නේ…
කාලය ගෙවී ගියත්, ආදරණීය මතක කිසිදා මිය නොයන බවයි.

ඔහුට නිවන් සුව ලැබේවා.
මවටත්, පවුලේ සියලු දෙනාටත් මේ දුක්බර මොහොත දරාගැනීමට ශක්තිය ලැබේවා.

  • අශන්ති වරුණසූරිය

බර අඩු කරගන්න ග්‍රීන් ටී බොනවාද? Read Previous

බර අඩු කරගන්න ග්‍රීන් ටී බොනවාද?

ලෝක ගුරු දිනය නිමිත්තෙන් විශේෂ සැමරුම් Read Next

ලෝක ගුරු දිනය නිමිත්තෙන් විශේෂ සැමරුම්

Realted Post

Leave a comment