’’මම විශ්වය විශ්වාස කරනවා’’

සුරාජ් මාපා කාලයක් පුරාවටම තමන්ගේ ජනප්‍රියත්වය එක ලෙස තබා ගැනීමට සමත්ව සිටින කලාකරුවෙක්. ඔහු සමඟ අප කළ කතාබහක සටහනක් මේ;

සුරාජ් ඔබ වැඩි කැමැත්තක් දක්වන්නේ රංගනයට ද නර්තනයට ද  අධ්‍යක්ෂණයටද?

මේ අංශ තුනටම මම එක වගේ ගරු කරනවා. රංගනය තුළින් ජීවිතය සහ සමාජය පිළිබඳවත්, නර්තනය තුළින් ස්වභාව ධර්මයේ රිද්මය පිළිබඳවත් මම බොහෝ දේ ඉගෙනගන්නවා. අධ්‍යක්ෂණය කියන්නේ සොයාගෙන යන දෙයක් කියලයි මම හිතන්නේ.

 

ඔබ රංගනයට අමතරව ව්‍යාපාර කටයුතුවලත් නියැළෙනවා නේද?

මම පොඩිකාලේ ඉඳලම විලාසිතා සඳහා වැඩි කැමැත්තක් දක්වනවා. විලාසිතා නිරූපණ ශිල්පියෙකු වශයෙන්  කාලයක් විවිධ් සන්නාම නියෝජනය කළා. එම නිසා කාන්තා/ පිරිමි ඇඟලුම් ව්‍යාපාරයකට අතගසා තිබෙනවා. එය පියවරෙන් පියවර ඉදිරියට ගොඩනගා ගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

 

සම්මාන බලාගෙනද රඟපාන්නේ?

කොහෙත්ම නෑ. නළුවෙකුට සම්මාන ගැන හිතලා රඟපාන්න අමාරුයි. හේතුව අධ්‍යක්ෂකවරයා යටතේ ඒ නිර්මාණය තුළ නළුවා, නිළිය රඟපාන්නේ. එතනදී අධ්‍යක්ෂවරයාගේ දක්ෂතාව වගේම අනෙක් ශිල්පීන්ගේ හැකියාව මතයි නිර්මාණය සම්මානවලට පාත්‍ර වෙන්නේ. මම නිතරම උත්සහ කරන්නේ අධ්‍යක්ෂකවරයාට සියයට සියයක්ම මගේ හැකියාවෙන් සාධාරණය ඉටු කරන්නයි. 

 

කේන්දර විශ්වාස කරනවාද?

මම සියයට සීයක්ම විශ්වාස කරන්නෙ නෑ. මම විශ්වය විශ්වාස කරනවා. ඒ පිළිබඳව හැදෑරීම් කරනවා. විශේෂයෙන් බෞද්ධයෙකු ලෙස කුසල්, අකුසල් විශ්වාස කරනවා. 

සටහන : මහේෂානි මීගහපොල

කදුලට සවියක් Read Previous

කදුලට සවියක්

හදිසි සහන ද්‍රව්‍ය රැගත් පාකිස්ථාන ගුවන් යානයක් මෙරටට ළගා වෙයි Read Next

හදිසි සහන ද්‍රව්‍ය රැගත් පාකිස්ථාන ගුවන් යානයක් මෙරටට ළගා වෙයි

Realted Post

Leave a comment