අන්තර් පාසල් කනිෂ්ඨ ටයිකොන්ඩෝ තරගාවලිය සමස්ත ශූරතාව සහ බාලිකා ශූරතාව කොළඹ විශාඛාවියන් දිනා ගනිති

ශ්‍රී ලංකා පාසල් ටයිකොන්ඩෝ සංගමයේ මෙහෙයවීමෙන් රත්නපුර නව නගර ගෘහස්ථ ක්‍රිඩාගාරයේ දී පැවති 15 වන ශ්‍රී ලංකා පාසල් කනිෂ්ඨ ටයිකොන්ඩෝ තරගාවලියේ සමස්ත ශූරතාව මෙන්ම කනිෂ්ඨ බාලිකා ශූරතාව දිනා ගනිමින් කැපී පෙනෙන්නට කොළඹ විශාඛා විදුහල නියෝජනය කළ ක්‍රීඩීකාවියෝ සමත් වූහ. 
 සමස්ත ශූරතාව දිනා ගැනීම සදහා පැමිණී ගමනේ දී රන් 04, රිදී 02, ලෝකඩ 01 ක් ලෙස පදක්කම් 07 ක් තහවුරු කර ගැනීමට කොළඹ විශාඛාවියන් සමත් වීම එහි දී ඉහළින්ම කැපී පෙණුනි.

අධ්‍යාපනය සහ විෂය සමගාමී ක්‍රියා කාරකම් තුළින් සමබර පෞරුෂයකට මග කියා දෙන  
 මනෝමී සෙනෙවිරත්න විදුහල්පතිනිය ගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කෙරෙන විශාඛා විද්‍යාලයීය  ක්‍රීඩාව ප්‍රමුඛ විෂය සමගාමී කටයුතු අධීක්ෂණය නියෝජ්‍ය විදුහල්පති දුලානී ප්‍රියදර්ශනී මහත්මිය විසින් සිදු කරනු ලබයි.
කොළඹ විශාඛා විද්‍යාලයීය ටයිකොන්ඩෝ ක්‍රීඩාව භාර ගුරු මහත්මිය ලෙස එහි ක්‍රීඩා පරිපාලිකා යමුනා දහනායක කටයුතු කළාය.

තෙසනි දෙවින්යා ලියනගේ, අනුකි අමායා ගමගේ, ලිමන්සා දෙව්නදී විජේකෝන්, කේෂරී ගයුනිකා ගුණසේකර විශාඛා විදුහල වෙනුවෙන් රන් පදක්කම් දිනා ගන්නා අතර වාරයේ දී  රිදී පදක්කම් ගෙල පැළඳ ගැනීමට තිනුලි තුහන්සා සමරසේකර සහ සනුත්මි පලන්සූරිය ට හැකියාව ලැබිණි. එකම ලෝකඩ පදක්කම රන්තුලී රණසිංහ  සතු වූවාය. 
සමස්ත ශූරතාව සහ බාලිකා ශූරතාව තහවුරු කර ගත් ජයග්‍රාහී ක්‍රීඩීකාවන්ගේ  පුහුණුකරු ලෙස  තාරක එරංග ගමගේ මහතා කටයුතු කළේය.

ක්‍රීඩා කණ්ඩායම භාරව කටයුතු කරන විද්‍යාලයේ ක්‍රිඩා පරිපාලිකා 

විද්‍යාලයේ විදුහල්පති මනෝමි සෙනෙවිරත්න මහත්මියගේ නිසි මගපෙන්වීම මෙම ජයග්‍රහණ ලබාගැනීමට දායක වී ඇත.

  • මාතලේ මහේෂ් කිර්තිරත්න 

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක් Read Previous

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක්

අඳුරු ලප ඉවත් කර පැහැපත් සමකට සත්කාර Read Next

අඳුරු ලප ඉවත් කර පැහැපත් සමකට සත්කාර

Realted Post

Leave a comment