අමතක කරන්න එපා ජීවිතේට උරුමක්කාරයා එන්නේ ගිලිහීගිය වසන්තයත් අරගෙනමයි...

මේ 2004 අවුරුද්ද ලස්සන කතාවක අවසානය රුදුරු වෙලා හොඳ කාලයක් උදා වෙච්ච අවුදරුද්දක් වුණා.... 

 

දිනේෂ් කාර්තික් කියලා චෙන්නායිවල ඉදන් ආපු ගොඩක් අහිංසක කොල්ලෙක්. 

ඉන්දීය national team එකේ wicket keeper කෙනෙක් විදියට තමන්ගේ international cricket career එක ආරම්භ කරලා තියෙනවා. 

ඔය අතරම දිනේෂ් 2007 අවුරුද්දේ තමන්ගේ පොඩිකාලේ ඉදන් එකට හිටපු හොදම යාලුවා තමයි නිකිතා වන්ජාරා.

පසුකාලීනව ඒ හොඳම යහළුවා සමග දිනේෂ් විවාහ වෙනවා. 

මේ දෙන්නා ගොඩක් සතුටින් ජීවත් උනා. 

ඊට පස්සේ හැමෝගෙම ආදරය පාත්‍ර වුණු මේ කොල්ලා තමගේ උපන් පළාත වුණු තමිල්නාඩු ඔරාන්ත ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය දුන්නා. 

දිනේෂ් නායකත්වයට පත්වුන ගොඩක් තැන්වල උපනායකත්වයට පත්වුනේ තමිල්නාඩු ටීම් එකේ දිනේෂ්ගේ සමීපතම මිත්‍රයා වෙච්ච මුරලි විජේ. 

හැබැයි දිනේෂ් කවදාවත් හිතන්නේ නැතුව ඇති මුරලි විජේ කවදාහරි දිනේෂ්ගේ ජීවිතේට සෑහෙන්න බලපෑමක් කරන චරිතයක් වේවි කියලා.

ඉන් අතරතුර  දිනේෂ්ගේ තරඟ බලන්න ආපු දිනේෂ්ගේ බිරිඳ නිකිතාට දිනේෂ්ගේ සඟයා සහ මිත්‍රයා වෙච්ච මුරලි විජේව මුණගැහෙනවා. 

ඉන් පසු වෙන්න ඊට හාත් පසින්ම වෙනස් දෙයක්.

කෙමෙන් කෙමෙන් මේ දැනහැදුනුම්කම අනියම් සම්බන්ධයක් දක්වා ඔඩු දුවන්නේ දිනේෂ් ජාතික කණ්ඩායමේ සංචාර සදහා සහභාගි වෙන කාලෙක ඔහු හාංකවිසයක්වත් මේ ගැන නොදන්නා වකවානුවකයි.

එහෙත් මේක රහසක් විදියට තියාගන්න බැරි වුණා. 

මුලින්ම රහසේ හමුවුන මුරලි සහ නිකිතා ප්‍රසිද්ධියේ අවන්හල්වල හෝටල්වලත් මුනගැහෙන්න පටන්ගත්තේ මුලු තමිල්නාඩුවම අවුලමින්.

ඔය අතර 2012 අවුරුද්දේ ඒ වෙනකොටත් නිකිතා විවාහ වෙලා හිටියේ දිනේෂ් කාර්තික් එක්ක. 

ඒත් මුරලි විජේ සමග අනියම් සබදතාව සාර්ථකව පවත්වාගෙන යන්න තරම් නිකිතා  දක්ෂ උනා.

මේ අතරතුර නිකිතා පලමුවරට ගැබ් ගන්නවා. 

ඒත් ඇය පුවත් මවන්නියක් සහ හැමෝමව කම්පනයට පත් කරන්නියක් බවට පත්වුනේ දරුවා තම සැමියා දිනේෂ්ගේ නොවන බවටත් දරුවාගේ පියා මුරලි විජේ බවටත් ප්‍රකාශ කරමින්.

මෙය දැනගත්ත දිනේෂ් නිකිතාව දික්කසාද කෙරුවා. 

මාස කිහිපයකින් නිකිතා පිරිමි දරුවෙක් බිහිකරනවා.

නිකිතා මුරලි සමගින් බොහොම සතුටින් ඇවිදිමින් අළුත් ජීවිතේ ගැන පුවත්පත් සාකච්ඡා ලබාදෙමින් තමන්ගේ අළුත් ජීවිතේ ගැන ලෝකයාට කියනවා...

ඉන්පසු අහිංසක දිනේෂ් ලොකු මානසික අවපීඩනයකට මුහුන දෙනවා. 

කිහිපවරක්ම සියදිවි නසාගන්න පවා පෙලඹෙන දිනේෂ් ගොඩක් හුදකලා ජීවිතයක් ගත කරනවා. 

 දිගින් දිගටම ක්‍රිකට් ක්‍රීඩාව තුල අසාර්ථක වෙන දිනේෂ් ජාතික කණ්ඩායමෙන් ඉවත් කරනවා. 

ඒ විතරක් නෙමේ ඉන්දීය ප්‍රාන්ත කුසලානය උන රංජි කුසලානය පවා අසාර්ථක උන දිනේෂ්ට තමන්ගේ තමිල්නාඩු ප්‍රාන්ත නායකත්වය පවා අහිමි වෙන්නේ ඔහුගේ පසමිතුරා වෙච්ච මුරලි විජේව නව නායකයා බවට පත් කරමින්.  

ගොඩක් අය කියන්නට පටන් ගත්තේ,  නිතිකා සිටින තැන කොතනද එතැනට වාසනාව ඇති වන බවයි. 


මේ අතරතුර හැමෝම ප්‍රතික්ෂේප කරපු දිනේෂ් ජිම් එකට එන්නේ නැත්තේ ඇයි කියලා හොයලා බලන්න ඔහුගෙ ජිම් එකේ හිමිකරු දිනේෂ්ගේ ගෙදරට යනවා ඔහු දකිනවා බීමත්ව පිස්සෙක් වගේ ගෙදර හැසිරෙන දිනේෂ්ව. 

ඊටපස්සේ පුහුණුකරු පෙළඹෙනවා දිනේෂ්ගේ විරෝධය මැදම පුළුවන් හැම වෙලාවකම දිනේෂ්ව ආයේ ජිම් එකට අරගෙන යන්න. 

මිතුරෙක් නැතුව හුදකලා උන දිනේෂ්ට ඉන්දීය ජාතික ස්කොෂ් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩිකාවක් වෙච්ච දීපිකා පල්ලිකල්ව මුණගස්සන්නත් ඇයව දිනේෂ්ට හොද මිතුරියක් ලෙස අදුන්වා දෙන්නත් පුහුණුකරු පෙළඹෙනවා. 

දිනේෂ්ගේ කතාව අහපු දීපිකා දිනේෂ්ට හොද මිතුරියක් වෙන්න පොරොන්දු වෙනවා.

දිනේෂ් ඊටපස්සේ පුහුණුකරුගේ හා දීපිකා එක්ක ඔවුන්ගේ දැඩි බලකිරීම් මැද නැවත පුහුණු වෙන්න පටන්ගන්නවා ආයෙමත් තමිල්නාඩු ප්‍රාන්ත කණ්ඩායමට දිනේෂ් පැමිණෙනකොට එවකට නායක මුරලි විජේ කෙමෙන් කෙමෙන් අසාර්ථක වෙන්න පටන්ගන්නවා. 

ජාතික කණ්ඩායමේ ස්ථානය අහිමි උන මුරලි විජේව ipl හිදි චෙන්නායි කණ්ඩායමෙන්ද ඉවත් කරද්දි එතනින්ම ඔහුගේ ක්‍රීඩා දිවිය නිමා කරමින් මුරලි විජේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නවා...

දිනේෂ්ගේ පුනරාගමනය සිද්ධ වෙන්නේ ශාරුක් ඛාන් හිමිකාරීත්වය දරන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමෙන් ඉහල මිලකට මිලදී ගැනීමෙන් ඒ විතරක් නෙමේ ඒ කණ්ඩායමේ නායකත්වයත් ශාරුක් විසින් දිනේෂ්ට ප්‍රදානය කරමින්.

 මේ අතරතුර තමන් පුනරාගමනයේ කොටස්කාරිය උන දීපිකාව දිනේෂ් ජීවන ගමන්මගේත් කොටස්කාරිය කරගන්නවා. 

ඔවුන් චෙන්නායිවල විශාල මන්දිරයක් මිලදී ගෙන එහි පදිංචි වෙනවා. 

දිනේෂ්ට දාව දීපිකාට නිවුන් දරුවන් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තම ඇය ස්කොෂ් ක්‍රීඩාවෙනුත් විශ්‍රාම ගන්නවා. 

දෙන්නගේ පවුල් ජීවිතේ වෙනුවෙන් දිනේෂුත් තාවකාලිකව ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත්තත් පසුව එවකට ඉන්දීය නායක M.S. දෝනිගේ සමුගැනීමෙන් පස්සේ ඔහු රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායමට එකතුවෙලා ජාතික කණ්ඩායමටත් නැවත එකතු වෙන්න තරම් ස්ථාවර දක්ෂතා දක්වනවා.

දිනේෂ් විතරක් නෙමේ නිවුන් දරුවන්ට මාස 6ක් පිරුනයින් පස්සේ දීපිකාත් නැවත ජාත්‍යන්තර ස්කොෂ් පිටියට එනවා. ඇය ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හීදි පැවති ස්කොෂ් ලෝක ශූරතාවලියේදි ජොෂ්නා චිනප්පා සමග කාන්තා යුගල ශූරතාවය දිනාගන්නවා.

අද වෙද්දි දිනේෂ් කාර්තික් කියන්නේ ඉන්දීයේ ක්‍රීඩාවේ M.S. දෝනිගේ හෙවනැල්ලට වැහුන පුරාවෘත්තයක්. 

ඔහු වැටුන තැනදි දීපිකා ඔහුව අල්ලගත්තේ නැත්තං අද දිනේෂ් කාර්තික් කෙනෙක් නැති වෙන්න තිබ්බා. 

අමතක කරන්න එපා ජීවිතේට උරුමක්කාරයා එන්නේ ගිලිහීගිය වසන්තයත් අරගෙනමයි.

 දිනේෂ්ගේ ගමන්මග තවම අවසන් නෑ. 

දීපිකාගෙත් දිනේෂ්ගෙත් කතාව තව දශක ගනනාවක් දිගට ඇදිලා යාවී. මේ වගේ කතා බොහෝමයක් අපි අතරත් ඇති. 

අපි අතරත් දිනේෂ්ලා දීපිකාලා නිකිතලා මුරලි විජේලා ඕනෙතරම් ඉන්නවා. 

හැබැයි ජීවිතේ වෙනස් වෙන්න එක තත්පරයකුත් එක උරුමක්කාරයෙකුත් හිටියම හොදටම ඇති...  

කුරුන්දිය පුරාවිද්‍යා රක්ෂිතය නැවතත් අනතුරේ Read Previous

කුරුන්දිය පුරාවිද්‍යා රක්ෂිතය නැවතත් අනතුරේ

ෆයිබ්‍රොයිඩ් අහිංසකද? Read Next

ෆයිබ්‍රොයිඩ් අහිංසකද?

Realted Post

Leave a comment