ආධුනික කලා තරු ක්‍රිකට් තරගාවලියක්
එස් .එල් .රාවෝ චිත්‍රපට කණ්ඩායම මූලික වී සංවිධානය කළ ආධුනික චිත්‍රපට, වේදිකා ටෙලි ශිල්පීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් දාසයකින් සමන්විත සැහැල්ලු පන්දුක්‍රිකට් තරඟයක් ඉකුත් ඉරිදා නාවින්න ක්‍රීඩාංගණයේදී දවස පුරා සංවිධානය කර පැවැත්වීණ.
මෙහිදී අවසන් තරගය ඉසුරු ෆිල්ම් කණ්ඩායම සහ එස් එල් රාවෝ කණ්ඩායම් දෙක අතර පැවැතිඅතර .එහිදී ඉසුරු ෆිල්ම් කණ්ඩායමට ශූරතාවයත් එස්.එල් රාවෝ කණ්ඩායමට අනුශූරතාවය හිමිවිය.
මෙම ක්‍රිකට් තරගාවලිය අර්ජුන කමලනාත් ඇතුළු චිත්‍රපට හා ටෙලි නාට්‍ය ශිල්පීන්ගේ එකමුතුවෙන් හා චිත්‍රපට නිෂ්පාදකවරුන්ගේ සහභාගිත්වයෙන් පැවති අතර අවසාන මහා තරගයෙන් ජයගත් කණ්ඩායම් දෙකට කුසලාන පිරිනැමීම ආරාධිත කලා ශිල්පීන්ගේ සහ ව්‍යාපාරික පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්ව්ය.
ශූරතාවය දිනූ ඉසුරු ෆිල්ම් කණ්ඩායමේචිත්‍රපට නිෂ්පාදක ආචාර්ය සිරිල් රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම ඡායාරූපයෙන් දිස්වෙයි
අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

Leave a comment