සමස්ත ලංකා පාසල් මයිලෝ කුසලාන නෙට්බෝල් තරගාවලිය
සමස්ත ලංකා පාසල් මයිලෝ කුසලාන නෙට්බෝල් තරගාවලිය – 2026 හි මුල් වටයේ මාතලේ මධ්‍යස්ථාන තරගාවලිය මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
මෙම තරගාවලිය සඳහා මාතලේ, නුවරඑළිය දිස්ත්‍රික්කවල පාසල් මෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොළ හා නාවලපිටිය අධ්‍යාපන කලාප නියෝජනය කළ කණ්ඩායම් රැසක් එක්ව තරග වැදුණි.
මාතලේ මධ්‍යස්ථාන භාර නිලධාරිනී සහ ක්‍රීඩා උපදේශිකා උදේශිකා රණසිංහ මහත්මියගේ සංවිධානත්වයෙන් පැවති මෙම තරගාවලියේ දක්ෂතම කණ්ඩායම් රැසක් ශූරතා දිනාගැනීමට සමත් වූහ.
A කොටස (සිසුන් 1,000කට වැඩි පාසල්)
* වයස අවුරුදු 13න් පහළ – ගම්පොළ ශාන්ත ජෝශප් බාලිකා විදුහල
* වයස අවුරුදු 15න් පහළ – මාතලේ සාන්ත තෝමස් බාලිකා විදුහල
* වයස අවුරුදු 17න් පහළ – මාතලේ සාන්ත තෝමස් බාලිකා විදුහල
* වයස අවුරුදු 19න් පහළ – මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසල
B කොටස (සිසුන් 1,000කට අඩු පාසල්)
වයස අවුරුදු 13න්, 15න්, 17න් සහ 19න් පහළ සියලුම ශූරතා මාතලේ සුජතා බාලිකා විදුහල දිනාගත්තේය.
C කොටස (සිසුන් 500කට අඩු පාසල් – ඒකාබද්ධ වයස් සීමා)
මෙවර ප්‍රථම වරට පැවැත්වූ මෙම අංශයේ ශූරතාව මාතලේ බණ්ඩාරපොළ මහ විදුහල දිනා ගැනීමට සමත් විය.
සේයාරුවේ දැක්වෙන්නේ C කොටසේ ශූරතාව දිනාගත් මාතලේ බණ්ඩාරපොළ මහ විදුහලේ නෙට්බෝල් කණ්ඩායම, නියෝජ්‍ය විදුහල්පතිනී චතුරංගණී සූරියආරච්චි මහත්මිය සහ පුහුණුකාරිනී ක්‍රීෂ්ණී සිරිවර්ධන මහත්මිය සමඟයි.
– මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment