ආසියානු කුසලානය ඉන්දියාවට

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (17දා) පැවැති අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකාව පහසුවෙන් පරාජය කර ශූරතාව දිනාගැනීමට ඉන්දියාව සමත් වුණා.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. කාසිය වාසිය දිනා ගත් ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායක මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කරමින් පිටියට පැමිණි පැතුම් නිශ්ශංක සමග කුසල් පෙරේරා, නමුත් ප්‍රථම පන්දු ඕවරයෙන්ම කුසල් පෙරේරා උඩ පන්දුවක් ලබා දෙමින්  ලකුණු කිසිවක් නොලබා දැවී යයි. අවාසනාවන්ත ලෙස පැතුම් නිශ්ශංක (2) ධනංජය සිල්වා (4), සදීර සමරවික්‍රම සමග චරිත් අසලංක කිසිවක් ලකුණු නොලබා සිරාජ්ගෙ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ දැවී යයි. ශ්‍රී ලංකා කණ්ඩායම් නායක දසුන් ශානකගෙ දැවී යාමත් සමග ඕවර 7ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 18 ලබා ගනී. ඕවර් 15.5 අවසානයේ සියලුම දෙනා දැවී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 50ක් ලබාගනී.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ඉන්දිය කණ්ඩායම ඕවර් 6.1 ක් අවසානයෙ ජයග්‍රාහී ලකුණු 51 ක පහසුවෙන් රැස් කරගනී.

සටහන - දමිත් වාසල

ඡායාරූප - ශ්‍රී ලංකා ක්‍රිකට්

ඇල්කඩුව වැවිලි සමාගමෙන් මිල්ලවාන වතුයායේ නව පොල්තෙල් කර්මාන්ත ශාලාවක් Read Previous

ඇල්කඩුව වැවිලි සමාගමෙන් මිල්ලවාන වතුයායේ නව පොල්තෙල් කර්මාන්ත ශාලාවක්

ඔබත් ආහාර වේලවල් මගහරිනවාද? Read Next

ඔබත් ආහාර වේලවල් මගහරිනවාද?

Realted Post

Leave a comment