ගුවන් හමුදා කාන්තා පිලට අඛණ්ඩව 07 වන වරටත් ආරක්ෂක සේවා අත්පන්දු ශූරතාව


පනාගොඩ යුද හමුදා ගෘහස්ථ ක්‍රීඩා සංකීරණයේදී පසුගිය දා (2026 ඔක්තෝබර් 23) පැවැති 2026 ආරක්ෂක සේවා අත්පන්දු(Hand Ball) තරගාවලියේ කාන්තා ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කණ්ඩායම සමත් විය.

අත්පන්දු ක්‍රීඩාව ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලට එක්කළ දා සිට මේ දක්වා පැවැති සෑම ආරක්ෂක සේවා තරගාවලියකදීම අපරාජිතව ශූරතාව දිනා ඇති ගුවන් හමුදා ක්‍රීඩිකාවන්, අඛණ්ඩව 7 වැනි වතාවටත් මෙම ජයග්‍රහණය තහවුරු කරගත්තේය.

කුසලාන සහ සහතිකපත් ප්‍රධානෝත්සවය පනාගොඩ යුද හමුදා ගෘහස්ථ ක්‍රීඩා සංකීරණයේදී පැවැත්විය. එම අවස්ථාවට යුද හමුදා අත්පන්දු කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් රොහාන් මැදගොඩ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වූ අතර, එයාර් කොමඩෝර් උදිත පියසේන සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා අත්පන්දු කමිටුවේ සභාපති එයාර් කොමඩෝර් බුද්ධික පියසිරි යන මහත්වරුන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ සෙසු නිලයන් ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගී විය.

Royal in Maroon Read Previous

Royal in Maroon

ලස්සන රැකගන්න මනසත් රැකගන්න Read Next

ලස්සන රැකගන්න මනසත් රැකගන්න

Realted Post

Leave a comment