මන්නාරම කූරෙයි ගංවතුරෙන් පීඩාවට පත් පවුල් 70ක්
2026 ඔක්තෝබර් 26 වන දින මන්නාරම දිස්ත්රික්කයේ මාන්තෙයි බටහිර ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ කූරෙයි ග්රාම නිලධාරී වසමේ ඉහළ යමින් පවතින ගංවතුර තත්ත්වය හමුවේ, පීඩාවට පත් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා යුද්ධ හමුදා භට පිරිස් සහන මෙහෙයුම් ආරම්භ කළහ.
ඒ අනුව, පවුල් 70කට අයත් පුද්ගලයන් 163 දෙනෙකු ඉලුප්පුකඩවායි රජයේ පාසලේ ස්ථාපිත තාවකාලික ආරක්ෂිත මධ්යස්ථානය වෙත ආරක්ෂිතව ඉවත් කිරීමට යුද්ධ හමුදා භට පිරිස් කටයුතු කළ අතර, එහි රැඳී සිටින පිරිසට පිසූ ආහාර ලබාදීමට ද කටයුතු කර ඇත.

Leave a comment