කාසියේ වාසිය බංග්ලාදේශයට...

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම් නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන අතර අද ආරම්භ වන පළමු ටෙස්ට් තරගය ක්‍රීඩාලෝලීන්ට නොමිලේ නැරඹීමේ අවස්ථාව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සලසා ඇත.

මෙම තරගය ශ්‍රී ලංකා විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් සහභාගී වන අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ද වේ. 

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ දක්වා ටෙස්ට් තරග 26ක් පවත්වා ඇති අතර ඉන් තරග 20ක් ශ්‍රී ලංකාව ජයගැනීමට සමත් වී ඇත. ඉන් බංග්ලාදේශය ජය ගෙන ඇත්තේ එක් තරගයක් පමණි. 

සටහන : දැහැමි ප්‍රනාන්දු

අඳුරු ලප ඉවත් කර පැහැපත් සමකට සත්කාර Read Previous

අඳුරු ලප ඉවත් කර පැහැපත් සමකට සත්කාර

බුද්ධානුභාවයෙන් රන් වූ දෝතළු Read Next

බුද්ධානුභාවයෙන් රන් වූ දෝතළු

Realted Post

Leave a comment