ගෝල් ටයිටන්ස්ට කඩුලු 7ක ජයක්

2023 එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ අද (13දා) පස්වරුවේ පැවැති තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහි තරගයෙන් කඩුලු 07ක ජයක් ලැබීමට දසුන් චානකගේ  නායකත්වයෙන් යුත් ගෝල් ටයිටන්ස් කණ්ඩායම සමත් විය.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානදී සියලුම දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 89ක් පමණි. 

ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් ටයිටන්ස් කණ්ඩායම කඩුලු 03ක් පමණක් දැවී තරගයේ 14(13.3) වැනි පන්දුවාරයේදී ලකුණු 90ක් ලබා ජයග්‍රහණය සම්පූර්ණ කරගත්තේය.
තරගයේ වීරයා ලෙස කසුන් රාජිත සම්මාන දිනාගත්තේය. ඔහු පන්දුවාර 04 තුළදී ලකුණු 20කට කඩුලු 04ක් බිඳදැමීමට සමත් විය.

සටහන - දමිත් වාසල

ඡායාරූප - ශ්‍රී  ලංකා ක්‍රිකට්

ඇල්කඩුව වැවිලි සමාගමෙන් මිල්ලවාන වතුයායේ නව පොල්තෙල් කර්මාන්ත ශාලාවක් Read Previous

ඇල්කඩුව වැවිලි සමාගමෙන් මිල්ලවාන වතුයායේ නව පොල්තෙල් කර්මාන්ත ශාලාවක්

අභියෝග මැද සනුජගෙන් ශිෂ්‍යත්වයට ලකුණු 139ක් Read Next

අභියෝග මැද සනුජගෙන් ශිෂ්‍යත්වයට ලකුණු 139ක්

Realted Post

Leave a comment