පැරාලිම්පික් උළෙලේ දී ලංකාවට රිදී පදක්කමක්

පැරිස් 2014 පැරාලිම්පික් තරඟයෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී  ලංකාවට වාසනාව හිමිවී ඇත. ඒ මෙම ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ තරඟයෙන් ය. එසේ රිදී පදක්කමක් දිනාගැනීමට වාසනාව හිමිකර ඇත්තේ සමිත දුලාන් කොඩිතුවක්කුවන අතර ඔහු මෙම ජයග්‍රහණය හිමිකර ගැනීමත් සමඟ ඔලිම්පික් සහ පැරාලිම්පික් තරගාවලදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු ලබා ඇති ඉහළම  ජයග්‍රහණය ලෙස මෙම ජයග්‍රහණය සනිටුහන් වේ. මෙම ජයග්‍රහණයත් සමඟ සමිත දුලාන් ටෝකියෝහීදී ලබාගත් ලෝකඩ පදක්කමෙන් පසුව පිරිමි F64 හෙල්ල විසිකිරීමේ අවසන් මහා තරගයේදී ලැබූ දෙවැනි පැරාලිම්පික් පදක්කම වේ.

මෙහි විශේෂත්වයක් වන්නේ මීටර 67.03ක පුද්ගලික හොඳම දුරක් වාර්තා කරමින් ඔහුගේම පෙර පැවති මීටර් 66.49ක ලෝක වාර්තාව බිඳ දැමීමට දුලාන් සමත් වී තිබිමයි. මෙම තරගයේ ලෝකඩ පදක්කම ඕස්ටේ්‍රලියාවේ මිචල් බුරාන් හිමිකරගත් අතර ඒ මීටර් 64.89ක දුරක් වාර්තා කරමින්ය. ඒ අනුව තරගයේ රන්පදක්කම දිනා ගැනීමට සමත්ව ඇත්තේ ඉන්දියාවේ සුමිත් ඇන්ටිල්ය. ඒ මීටර් 70.59ක විසිකිරීමක් වාර්තා කිරීමට සමත් වෙමින්ය.

  • නයනා උදයංගනී

කාර්යබහුල  දවස සුවපත් කරවන ඔසු පැන් Read Previous

කාර්යබහුල දවස සුවපත් කරවන ඔසු පැන්

කොකාකෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි Read Next

කොකාකෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

Realted Post

Leave a comment