මුම්බායි ඉන්දියන්ස් IPL අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනී

IPL තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් සහ දිල්ලි කැපිටල්ස්  අතර මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේ දී ඊයේ (21) පැවති තරගය ලකුණු 59කින් ජය ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්විය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 180 ක් රැස්කර ගැනීමට සමත් විය.

මුම්බායි ඉන්දියන්ස් වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ සූර්ය කුමාර් යාදෙව් පන්දු 43 කදී නොදැවී ලකුණු 73ක් රැස්කර ගැනීමට සමත්විය. ඊට හතරේ පහර 7 ක් සහ හයේ පහර 4 ක් ඇතුළත් විය. තිලක් වර්මා ලකුණු 27 යි. 

දිල්ලි කැපිටල්ස් වෙනුවෙන් පන්දු යැවීමේදී මුකේෂ් කුමාර් කඩුලු 2 ක් ද, දුෂ්මන්ත චමීර, මුස්තාෆිසුර් රහ්මාන් සහ කුල්දීප් යාදෙව් එක් කඩුල්ල බැගින් ද බිඳ හෙලීමට  සමත් විය. 

ලකුණු 181ක ජයග්‍රාහී ඉලක්කයක් හබායෑමට පිටියට පිවිසි දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට පන්දුවාර 18 යි පන්දු දෙකකදි සියලු ක්‍රීඩකයින් දැවී රැස් කර ගැනීමට හැකිවූයේ, ලකුණු 121 ක් පමණයි.

පන්දු යැවීමේදී මිචෙල් සැන්ට්නර් සහ ජස්ප්‍රිත් බුම්රා කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් විය.

මෙම ජයග්‍රහණයත් සමඟ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත් විය.

ඒ අනුව මෙවර ඉන්දීය ප්‍රිමියර්ලීග් 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට ගුජරාට් ටයිටන්ස්, රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර්, පංජාබ් කින්ග්ස් සහ මුම්බායි ඉන්දියන්ස් යන කණ්ඩායම් සමත් විය.

සටහන : දැහැමි ප්‍රනාන්දු

වියට්ජෙට් නොමිලේ ගමන් මලු පහසුකම් Read Previous

වියට්ජෙට් නොමිලේ ගමන් මලු පහසුකම්

වීදී සුරතලෙක් සමගින් කොකෝ ලඟදීම තිරයට එක්වෙයි Read Next

වීදී සුරතලෙක් සමගින් කොකෝ ලඟදීම තිරයට එක්වෙයි

Realted Post

Leave a comment