ව්‍යායාම නොකර කෑවොත් භයානකයි

සිරුර මහත් කර ගැනීමට නම් ප්‍රෝටීන් සහ කාබෝහයිඩ්‍රේට් බහුල ආහාර වැඩිපුර ගැනීම වඩාත් සුදුසුය. එහෙත් අනවශ්‍ය ලෙස තෙල් ආහාරයට එකතු කර ගැනීම එතරම් සුදුසු නොවේ. එයින් සිදුවන්නේ සිරුර නිරෝගීව පිරිපුන් නොවී අනවශ්‍ය ලෙස තෙල් තැන්පත්  වූ තරබාරු සිරුරක් ලැබීමය. විශේෂයෙන්ම පිරිපුන් සිරුරක් අවශ්‍යයැයි සිතා පැණි රස, කොත්තු වැනි අධික ලෙස තෙල් සහිත ආහාර නිතර නිතර ආහාරයට ගනිමින් ක‍්‍රියාශීලී නොවී අලසව සිටීම ලෙඩ රෝගවලට අත වැනීමකි. එමෙන්ම සිරුරේ කොලෙස්ටරෝල් ප‍්‍රමාණය ඉහළ යාමටද, දියවැඩියා ඇතිවීමටද හේතුවක් වේ. 

ඇතැම්හු සිරුර මහත්වීම සඳහා වෛද්‍ය උපදෙස්වලින් තොරව හිතුමනාපයට ඖෂධ සහ ආහාර අතිරේක ලබා ගනිති. එය කිසිසේත්ම අනුමත කළ නොහැකි අතර එයින් සිරුර පිරිපුන්වීමක් සිදුවන්නේද නැත. 

ඇතැමුන් අධික ලෙස ආහාර ගන්නා අතර එහෙත් මහත් නොවනබවට මැසිවිලි නගති. ඊට ප‍්‍රධාන හේතුව කොතෙක් ආහාර ගත්තද ක‍්‍රියාශීලී නොවීමය. එබැවින් නිවෙසේදී හෝ ව්‍යායාම සිදු කරමින් නියමිත පරිදි ආහාර ගැනීමෙන් සිරුර නිරෝගීව පිරිපුන් කරගත හැකිය. 

කිරි, බිත්තර, මස්, මා`ඵ, ඇට වර්ග (කවුපි, කඩල, මුං ඇට), බතල, මඤ්ඤොක්කා වැනි අල වර්ග, අලිගැටපේර වැනි ප්‍රෝටීන් බහුල පලතුරු වර්ගද නිතර ව්‍යායාම කරන අතරතුර ආහාරයට ගැනීමෙන් සිරුරේ හෝමෝන මට්ටම ඉහළයාම සිදුවන නිසා සිරුර හැඩැතිව පිරිපුන් කරගත හැකිය. 

දිනකට අඩු තරමින් පැයක්වත් ව්‍යායාම කිරීම අත්‍යවශ්‍යය. එසේ නොමැතිව ආහාර ගැනීමෙන් පමණක් පිරිපුන් සිරුරක සිහිනය සැබෑ කරගත නොහැක.  

එමෙන්ම තම සිරුරේ ඇති ලෙඩ රෝග පිළිබඳව සැලකිලිමත්වීම අවශ්‍ය වන අතරම වෛද්‍ය උපදෙස් හෝ සුදුසුකම්ලත් ශාරීරික යෝග්‍යතා උපදේශකවරයකුගේ උපදෙස් පරිදි ආහාර ගැනීම සහ ව්‍යායාම කිරීමද අවශ්‍යය. 

හිටපු ජනපති මහින්ද මහනුවරට Read Previous

හිටපු ජනපති මහින්ද මහනුවරට

කාර්යබහුල  දවස සුවපත් කරවන ඔසු පැන් Read Next

කාර්යබහුල දවස සුවපත් කරවන ඔසු පැන්

Realted Post

Leave a comment