විරාත් කෝල් ටෙස්ට් තරඟ පිටියෙන් ඉවත් වීමට තීරණයක්

ඉන්දීය හිටපු ක්‍රිකට් නායකයා වන විරාත් කෝලි ජාත්‍යන්තර ටෙස්ට් තරඟ පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා. 

ඔහු සිය තීරණය සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ද දැනුවත් කර ඇති බව සඳහන්. නමුත් ඉන්දීය ක්‍රිකට් බලධාරීන් කෝලිගෙන් ඉල්ලීම් කරන්නේ මේ පිළිබඳ නැවත සලකා බලන ලෙසයි. ඒ ඉන්දීය කණ්ඩායම ලබන මාසයේ එංගලන්තයේ පැවැත්වෙන තරඟ 5කින් යුත් ටෙස්ට් තරඟාවලියකට ද සහභාගී වීමට නියමිතව තිබෙන හෙයිනුයි. 

ඒ කෙසේ නමුත් ඉන්දීය ක්‍රිකට් බලධාරීන් කළ මේ ඉල්ලීම සම්බන්ධව කෝලිගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැති බවයි සඳහන් වන්නේ. ක්‍රිකට් ලෝකයේ ජනාදරයට පත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස ඔහු  ගත් මේ හදිසි තීරණය සම්බන්ධව බොහෝදෙනාගේ කතාබහට ලක් වෙනවා.


සහශ්‍රිකා දයානන්ද

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක් Read Previous

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක්

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක් Read Next

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක්

Realted Post

Leave a comment