ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු එක්දින ක්‍රිකට් තරගයේ ජය ශ්‍රී ලංකාවට...

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර අද (02) පැවති පළමු එක්දින ක්‍රිකට් තරඟය ලකුණු 77කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. 

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 2ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 244ක් රැස්කර ගැනීමට සමත්විය. පන්දුවට පහරදීමේ දී නායක චරිත් අසලංක පන්දු 123ක් තුළ ලකුණු 106ක් ද, කුසල් මෙන්ඩිස් පන්දු 43ක් තුළ ලකුණු 45ක් ද, ජනිත් ලියනගේ පන්දු 40ක් තුළ ලකුණු 29ක් ද රැස්කර ගැනීමට සමත්විය. 

පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Taskin කඩුලු 4ක් ද, Tanzim කඩුලු 3ක් ද බිඳහෙළීමට සමත්විය. 

ඒ අනුව ලකුණු 245ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 35යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකිවූයේ, ලකුණු 167ක් පමණි.

පන්දුවට පහර දීමේදී බංග්ලාදේශ  කණ්ඩායම වෙනුවෙන් Tanzid ලකුණු 62ක් ද, Jaker ලකුණු 51ක් ද රැස් කර ගැනීමට සමත්විය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග ලකුණු 10කට කඩුලු 4ක්ද, කමිදු මෙන්ඩිස් ලකුණු  19කට කඩුලු 3ක් ද බිඳහෙළීමට සමත්විය.

වනිඳු හසරංග තමාගේ එක්දින ක්‍රිකට් දිවියේ සියවන (100) කඩුල්ල අද දිනයේදී ලබා ගැනීමට සමත්විය.

ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග 1-0 ලෙසින් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

තරගයේ වීරයා නායක චරිත් අසලංක. 

සටහන : දැහැමි ප්‍රනාන්දු

බාලදක්ෂ නිර්මාතෘ බේඩන් පවෙල් සාමිතුමන්ගේ 169 වන ජන්ම දින සැමරුම මහනුවරදී Read Previous

බාලදක්ෂ නිර්මාතෘ බේඩන් පවෙල් සාමිතුමන්ගේ 169 වන ජන්ම දින සැමරුම මහනුවරදී

අසාධාරණ ලෙස වැඩි කළ ඉන්ධන මිල වහා අඩු කළ යුතුයි – සජිත් ප්‍රේමදාස Read Next

අසාධාරණ ලෙස වැඩි කළ ඉන්ධන මිල වහා අඩු කළ යුතුයි – සජිත් ප්‍රේමදාස

Realted Post

Leave a comment