ශ්‍රී ලංකා - සිම්බාබ්වේ පළමු එක්දින ක්‍රිකට් තරගය අද...

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ සිම්බාබ්වේ  ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟය අද (29) පැවැත්වේ. තරග දෙකකින් සමන්විත තරගාවලිය හරාරේහීදී පැවැත්වීමට නියමිතයි.

චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම් සංචිතයට මෙවර නවක ක්‍රීඩක පවන් රත්නායක ද ඇතුළත් කර තිබේ. 

මේ දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම එක්දින තරග 64ක් ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 49ක් ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි.

තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 01ට ආරම්භ වීමට නියමිතයි.

සටහන : දැහැමි ප්‍රනාන්දු

ඇල්කඩුව වැවිලි සමාගමෙන් මිල්ලවාන වතුයායේ නව පොල්තෙල් කර්මාන්ත ශාලාවක් Read Previous

ඇල්කඩුව වැවිලි සමාගමෙන් මිල්ලවාන වතුයායේ නව පොල්තෙල් කර්මාන්ත ශාලාවක්

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක් Read Next

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක්

Realted Post

Leave a comment