සතුටු තෑගි කෝටි 51 ක් ලැබුණු World cup 2025

ඉන්දියාව කියන්නේ කාලෙන් කාලෙට ලෝකයට විවිධ පුවත් මවන රටක්.විවිධ සංස්කෘතින් , ආගම්,ජාතීන් සහිත  විශාල ජනතාවක් සිටින ඉන්දීයාවට පසුගිය  නොවැම්බර් 2 දා ඓතිහාසික ජයග්‍රහණයක් හිමි වුණා.

ඒ ප්‍රථම වතාවට ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක  ජය ඔවුන් සතු කර ගැනීමයි.

දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග අවසන් තරගය ට පිවිසි ඉන්දීය කාන්තා කණ්ඩායම  ලකුණු 52 කින් තරගය ජයග්‍රහණය කිරිම කැපි පෙනුනා.

කිහිප වතාවක් ම අවසන් තරගය ට පිවිසි දකුණු අප්‍රිකාවට මෙවරත්  ජයග්‍රහණය පෙනි පෙනි  තම උත්සහය අත හැර දමන්නට සිදු  විය.


එය ප්‍රථම වතාවට ඉන්දියාව තමා සතු කර ගනිමින් ආසියාතික රටක් කාන්තා ලෝක කුසලානය දිනු ප්‍රථම අවස්ථාව ලෙස ද ඉතිහාස ගත විය. ඉන්දියාව මෙම තරගාවලිය සඳහා සත්කාරකත්වය දැරු නිසාම මෙම ජයග්‍රහණය තවත් විශේෂ වේ.

අවසන් තරගය ජයග්‍රහණය කරන කණ්ඩායම ට ඉන්දීය රුපියල් කෝටි 4ක මුදලක් ලබා දෙන අතර 
ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කිරීමත් සමග ICC ය විසින්  තවත් 
ඉන්දීය රුපියල් කෝටි 51 ක  මුදලක් කණ්ඩායමට පිරි නමා තිබුණේ  සතුටු තෑගී ලෙසයි.

මෙවර කණ්ඩායමේ නායිකාව ලෙස  හර්මන් ප්‍රීට් කෞර් විසින් කණ්ඩායම මෙහෙයවනු ලැබු අතර ස්මිත්‍රි මන්දනා උප නායිකාව ලෙස කටයුතු කළේය.

කණ්ඩායම ලද ජයග්‍රහණය පිළිබඳව බොලිවුඩ් නළු නිළියන් වගේ ම ප්‍රබල දේශපාලකයින් ආදී විශාල  පිරිස් ඔවුන් ට සුභ පැතුම් එක් කර තිබුණි.

ක්‍රිඩිකාවන් ජයග්‍රහණයෙන් පසු තම සතුට එදින රැය පහන් වනතුරු ම සමරනු ලැබීය.

තම රට ලැබූ ඓතිහාසික ජයග්‍රහණය ඉන්දීය ජනතාව ද සමරනු ලැබුවේ ඉමහත් ගෞරවයකින් හා සතුටකිනි.

 

 
සටහන  දුල්ෂරා මධුවන්ති

Crimson Elegance Rukshana Read Previous

Crimson Elegance Rukshana

වියට්ජෙට් නොමිලේ ගමන් මලු පහසුකම් Read Next

වියට්ජෙට් නොමිලේ ගමන් මලු පහසුකම්

Realted Post

Leave a comment