14වන ආරක්‍ෂක සේවා ඔරු පැදීමේ තරගාවලියේ සමස්ත ශූරතාව යුද්ධ හමුදාවට

14 වන ආරක්‍ෂක සේවා ඔරු පැදීමේ තරගාවලිය දියවන්නා ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී පැවති අතර, එහි සමස්ත ශූරතාව දිනාගැනීමට යුද්ධ හමුදා කණ්ඩායම සමත්විය. එහිදී පැවති තරග ඉසව් හතෙන් රන් පදක්කම් හයක් දිනාගනිමින් යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සිය විශිෂ්ට දක්‍ෂතා ප්‍රදර්ශනය කරනු ලැබීය.

ඒ අනුව, තරගාවලියේ පිරිමි සහ කාන්තා යන අංශ දෙකෙහිම ශූරතාව දිනාගැනීමට යුද්ධ හමුදාව සමත්වූහ. එහිදී, යුද්ධ හමුදා පිරිමි කණ්ඩායම රන් පදක්කම් තුනක්, රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනාගත් අතර, කාන්තා කණ්ඩායම රන් පදක්කම් තුනක් සහ රිදී පදක්කම් දෙකක් දිනාගැනීමට සමත්වූහ.

එමෙන්ම, රන් පදක්කමක්, රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් හතරක් දිනාගත් ගුවන් හමුදාව සමස්ත අනුශූරතාව හිමිකර ගනු ලැබීය. ගුවන් හමුදා පිරිමි කණ්ඩායම රන් පදක්කමක්, රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් අතර, කාන්තා කණ්ඩායම රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් තුනක් දිනාගැනීමට සමත්විය. නාවික හමුදාව පිරිමි අංශයේ එක් ලෝකඩ පදක්කමක් දිනාගනු ලැබීය.

මෙම ජයග්‍රහණය මඟින් යුද්ධ හමුදා ඔරු පැදීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කැපවීම, අධිෂ්ඨානය සහ තරගකාරීත්වය මනාව පිළිබිඹු කරයි.

පදක්කම් සටහන

යුද්ධ හමුදාව
පිරිමි අංශය – රන් පදක්කම් 03, රිදී පදක්කම් 02, ලෝකඩ පදක්කම් 02
කාන්තා අංශය – රන් පදක්කම් 03, රිදී පදක්කම් 02

ගුවන් හමුදාව
පිරිමි අංශය – රන් පදක්කම් 01, රිදී පදක්කම් 02, ලෝකඩ පදක්කම් 01
කාන්තා අංශය – රිදී පදක්කම් 01, ලෝකඩ පදක්කම් 03

නාවික හමුදාව
පිරිමි අංශය – ලෝකඩ පදක්කම් 01

යුද්ධ හමුදා ඔරු පැදීමේ කණ්ඩායම් දැක්වූ මෙම විශිෂ්ට දක්‍ෂතාව යුද්ධ හමුදාවට යළිත් ගෞරවයක් ගෙන දුන් අතර, ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය ළඟා කරගැනීම සඳහා යුද්ධ හමුදාව දක්වන අඛණ්ඩ කැපවීම ද මින් මනාව පිළිබිඹු විය.

රෝග වළක්වා ගැනීමට ප්‍රමුඛත්වය දෙන නව යුගයක් කරා Read Previous

රෝග වළක්වා ගැනීමට ප්‍රමුඛත්වය දෙන නව යුගයක් කරා

14වන ආරක්‍ෂක සේවා ඔරු පැදීමේ තරගාවලියේ සමස්ත ශූරතාව යුද්ධ හමුදාවට Read Next

14වන ආරක්‍ෂක සේවා ඔරු පැදීමේ තරගාවලියේ සමස්ත ශූරතාව යුද්ධ හමුදාවට

Realted Post

Leave a comment