2024 යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු කායවර්ධන තරඟාවලිය

2024 යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු කායවර්ධන,බර එසවිම හා සවි එසවිමේ තරඟාවලිය මෙම මස 22,23
 සහ 24 දිනයන් හි පනාගොඩ යුද්ධ හමුදා  ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දි  උත්කර්ශවත් අන්දමින් පැවැත්විය.රෙජිමේන්තු 17ක් නියෝජනය කරමින්  ක්‍රීඩක ක්‍රීඩිකාවන් 140
දෙනෙකු සහභාගි වු මෙම තරඟාවලිය කායවර්ධන,බර එසවිම සහ සවි එසවිම යන අංශ තුන යටතේ  පැවැත්විණි.

 ඉතා උණුසුම්  හා උද්වේගකර තරඟවලියකින් අනතුරුව  පිරිමි හා කාන්තා වශයෙන් පැවති බර ඉසිලිමේ පිරිමි ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා  පොදු සේවා බලකාය  හිමිකරගන්නා ලද අතර එහි අනුශුරතාවය ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව දිනාගන්නා ලදි. මෙහිදී  කාන්තා ශුරතාවය යුද්ධ හමුදා පොදු සේවා බලකායත් එහි අනුශූරතාව යුද හමුදා කාන්තා බලකා කාණ්ඩායමත් හිමිකර ගන්නා ලදි.

 සවි ඉසවිමේ  ශුරතාවය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සතු කර ගනිද්දී එහි අනුශූරතාවය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව සතු කරගන්නා ලදි.මෙම තරඟාවලියේ කායවර්ධන අංශයේ ශුරතාවය ශ්‍රී ලංකා සංඥා බලකාය හිමි කරගනිද්දි එහි අනුශූරතාවය දිනා ගැනිමට ගැමුණු හේවා බලකාය  සමත්විය.

මෙම තරඟාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස 51 වන සේනාංකයේ සේනාංකාධිපති  හා යුද්ධ හමුදා කායවර්ධන,බර ඉසවි⁣ම හා සවි එසවිමේ කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ජනක විමලරත්න  ජයග්‍රාහකයින් සඳහා සහතික සහ පදක්කම් ප්‍රධානය සිදු කරන ලදි.

මාලනියගේ අවසන් රංගනය රැගත්   ’’ මොණර විලක් ’’ තිරයට  එක්වෙයි. Read Previous

මාලනියගේ අවසන් රංගනය රැගත් ’’ මොණර විලක් ’’ තිරයට එක්වෙයි.

කොකාකෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි Read Next

කොකාකෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

Realted Post

Leave a comment