4වන ශ්‍රී ලංකා සවාටේ කික්බොක්සිං ආධුනික ශුරතාවලියෙන් දෙවන ස්ථානය කයිකාවලට

4වන ශ්‍රී ලංකා සවාටේ කික්බොක්සිං ආධුනික ශුරතාවලිය - 2025 වර්ෂයේ ජූනි 6 සිට 8 දක්වා රත්නපුර සීවලී මධ්‍ය මහ විද්‍යාල බොක්සිං පරිශ්‍රයේ පවත්වා තිබෙනවා. 

මෙම තරගාවලිය සදහා මාතලේ කයිකාවල මධ්‍ය මහ විද්‍යාලයේ කික්බොක්සිං ක්‍රීඩා තරගකරුවන් සහභාගී වූ අතර එහිදී සමස්තලංකා දෙවන ස්ථානය හිමිකරගැනීමට ඔවුන් සමත් වී තිබුණා. 

ඒ අනුව රන් පදක්කම් 10 ක්, රිදී පදක්කම් 7ක් සහ ලෝකඩ පදක්කමක් ඒ අතර වනවා. 

එහීදී විද්‍යාලයේ ආදි ශිෂ්‍ය R.S ප්‍රියශාන් තිවංක මහතා හා  U.G.D.S ක‍රුණාරත්න මහතා පුහුණුකරුවන් වශයෙන් කටයුතු කර තිබුණා. 

මාතලේ මහේෂ් කිර්තිරත්න 

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක් Read Previous

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක්

ජිගලෝ Read Next

ජිගලෝ

Realted Post

Leave a comment