60 වන යුද්ධ හමුදා මලල ක්‍රීඩා ශූරතාවලිය සාර්ථකව අවසන්

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී 2025 අගෝස්තු මස 18 වන දින ආරම්භ වු 60 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා මලල ක්‍රීඩා ශූරතාවලිය, 2025 අගෝස්තු මස 20 වන දින සාර්ථකව අවසන් විය.

යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් එම තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්  600කට අධික සංඛ්‍යාවක් ධාවන පථ හා පිටිය ඉසව් සඳහා තරඟ වැදුණි.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ අධීක්ෂණය යටතේ පවත්වන ලද මෙම තරගාවලියේදී, ජාතික වාර්තාවක්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා මලල ක්‍රීඩා වාර්තාවක් සහ නව තරඟ වාර්තා 11ක් පිහිටුවීමට යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත්වූහ.

තරඟාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවය සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය පිරිමි අංශයේ සමස්ත ශූරතාව දිනා ගත් අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාලතුවක්කු රෙජිමේන්තුව අනුශූරතාවය හිමිකර ගැනීමට සමත් විය. 

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය කාන්තා අංශයේ ශූරතාව හිමිකරගත් අතර ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකාය එහි අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය.

මෙහිදී, මීටර් 200 ධාවන ඉසව්ව තත්පර 20.52කින් අවසන් කරමින් තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාලතුවක්කු බලකායේ මාණ්ඩලික සැරයන් අරුණ දර්ශණ තේරී පත් වූ අතර, මීටර් 400 ධාවන ඉසව්ව තත්පර 52.86කින් අවසන් කරමින් නව තරගාවලි වාර්තාවක් සමගින් දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මාණ්ඩලික සැරයන් නදීශා රාමනායක සම්මාන ලැබීය.

ඇහැ ඇතුලෙ ටැටූ කළ පළවෙනි ශ්‍රී ලාංකිකයා Read Previous

ඇහැ ඇතුලෙ ටැටූ කළ පළවෙනි ශ්‍රී ලාංකිකයා

වට්ටක්කා සහ චිකන් ක්‍රීම් සුප් Read Next

වට්ටක්කා සහ චිකන් ක්‍රීම් සුප්

Realted Post

Leave a comment