EVENTS RCOBA සිඩ්නි කුසලානය

සිඩ්නියේ පාරමාටා නගර ටෙනිස් මධ්‍යස්ථානයේදී පසුගිය 2025 අගෝස්තු 31 වන ඉරිදා, ශ්‍රී ලාංකීකයන් එකතුවී ටෙනිස් තරඟාවලියක් පවත්වා තිබෙනවා.  

රාජකීය විද්‍යාලය ශිෂ්‍ය සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරන මෙම ක්‍රිඩා උළෙල, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පාසල් නියෝජනය කරන ක්‍රීඩකයින් 60කට වැඩි පිරිසක්  සහභාගී වී තිබුණා. 

මේ අතර හිටපු ජාතික ක්‍රීඩකයින් කිහිපදෙනෙකුද මෙම අවස්ථාවට සහභාගී වී තිබෙනවා. 

2024 දී පැවති මුල් අවස්ථාවට වඩා සහභාගීත්වය දෙගුණයකින් ඉහළ ගොස් ඇති අතර ආනන්ද, සෙන්තෝමස්, සාන්ත ජෝසේෆ්, ට්‍රිනිටි, යාපනය හින්දු විද්‍යාලය ඇතුළු තවත් පාසල්වල ඉගෙනුම ලැබූ එම පාසල් නියෝජනය කළ කණ්ඩායම් 10ක්, මෙලෙස කණ්ඩායම් දෙකකට බෙදී තරඟ කර තිබුණා. 

ඉතා දැඩි තරඟයකින් පසුව, රාජකීය කණ්ඩායම 2025 වසර සඳහා සිඩ්නි කුසලානය දිනා ගත්තා. 

දරුවෙකු ලැබීමෙන් පියයුරු පිළිකා අවදානම අඩුවෙයි? නවතම පර්යේෂණ වාර්තාවක් Read Previous

දරුවෙකු ලැබීමෙන් පියයුරු පිළිකා අවදානම අඩුවෙයි? නවතම පර්යේෂණ වාර්තාවක්

Crimson Elegance Rukshana Read Next

Crimson Elegance Rukshana

Realted Post

Leave a comment