IPL තරගාවලියේ අවසන් මහා තරගය අද...

මෙවර ඉන්දීය ප්‍රිමියර්ලීග් 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (03) පැවැත්වීමට නියමිතය.

ඒ පන්ජාබ් කින්ග්ස් සහ රෝයල් චැලේන්ජස් බැංගලෝර් කණ්ඩායම් අතරය.

මෙවර IPL තරගාවලියේ දෙවන සුදුසුකම් ලබා ගැනීමේ තරගයේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කඩුලු 05කින් පරාජයට පත් කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට පන්ජාබ්ස් කින්ග්ස් කණ්ඩායම සමත් විය.

ඒ අනුව පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම දෙවන වරට ඉන්දීය ප්‍රිමියලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයකට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.

මෙවර IPL ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අහමදාබාද් හීදී මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතය.

සටහන : දැහැමි ප්‍රනාන්දු

ජිගලෝ Read Previous

ජිගලෝ

අඳුරු ලප ඉවත් කර පැහැපත් සමකට සත්කාර Read Next

අඳුරු ලප ඉවත් කර පැහැපත් සමකට සත්කාර

Realted Post

Leave a comment