RCB මෙවර IPL ශූරතාවය හිමි කර ගනී

මෙවර ඉන්දීය ප්‍රිමියර්ලීග් 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ජූනි 03 පැවැත්වුණු අතර තියුණු තරගයකින් පසු IPL ඉතිහාසයේ ප්‍රථම වතාවට ජයග්‍රහණයේ කිරුළ පැළඳීමට රෝයල් චැලේන්ජස් බැංගලෝර් කණ්ඩායම සමත් විය.

 

ඒ ලකුණු 06කින් පන්ජාබ් කින්ග්ස්  කණ්ඩායම පරාජයට පත් කරමින්. 

අවසන් මහා තරගයේ දී කාසියේ වාසිය හිමිකරගත් පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම් නායකයා ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය.

ඒ අනුව පිටියට පිවිසි රෝයල් චැලේන්ජස් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 190ක් රැස් කරගත්තේය. පන්දුවට පහර දීමේ දී විරාට් කෝලි ලකුණු 43ක් ද, ජිටේෂ් ශර්මා ලකුණු 24ක් ද රැස්කර ගත්තේය. 

පන්දු යැවීමේදී පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම වෙනුවෙන් ආර්දීප් සිං සහ කයින් ජෙමිසන් කඩුලු 03 බැගින් බිඳ හෙළීමට සමත්වූහ. 

ඒ අනුව ලකුණු 191 ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි පන්ජාබ් කින්ග්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 184ක් පමණි.

පන්දුවට පහර දීමේ දී පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කල ශෂන්ක් සිං පන්දු 30කදී නොදැවී ලකුණු 61 ලබා ගැනීමට සමත් විය. 

සටහන : දැහැමි ප්‍රනාන්දු

අඳුරු ලප ඉවත් කර පැහැපත් සමකට සත්කාර Read Previous

අඳුරු ලප ඉවත් කර පැහැපත් සමකට සත්කාර

සීතලට ඔට්ටු නැතිනම් මේ කඳවුරු භූමියට යන්න එපා. Read Next

සීතලට ඔට්ටු නැතිනම් මේ කඳවුරු භූමියට යන්න එපා.

Realted Post

Leave a comment