අවු. 16න් පහල පිරිමි හා කාන්තා වොලිබෝල් ශූරතාව ශ්‍රී රේවත ජාතික පාසලට

කොස්ගොඩ, නානතොට, යුනෙස්කෝ ගම්මානයේ පිහිටි ෆියුචර් ෆෝ චිල්රන්ඩි ජාත්‍යන්තර පාසැල මගින් ප්‍රථම වරට සංවිධානය කරන ලද අම්බලන්ගොඩ කළාප අධ්‍යාපන කොට්ඨාශයේ වයස අවුරුදු 16 න් පහළ වොලිබෝල් තරගාවලියේ පිරිමි හා කාන්තා ශූරතාවයන් දෙකම බළපිටිය ගා / ශ්‍රී රේවත ජාතික පාසැල් කණ්ඩායම් විසින් දිනා ගැනීමට සමත් විය.

තරගාවලියේ පිරිමි අනුශූරතාවය හික්කඩුව ශ්‍රී සුමංගල ජාතික පාසැලට හා කාන්තා අනුශූරතාවය කොස්ගොඩ ෆියුචර් ෆෝ චිල්රන්ඩි ජාත්‍යන්තර පාසැලට හිමි විය. තරගාවලිය සදහා ඉහත සදහන් පාසැල් වලට අමතරව අම්බලන්ගොඩ පී ද ඇස් කුලරත්න ජාතික පැසැල, අහුන්ගල්ල රාජපක්ෂ ජාතික පැසැල ඇතුළු පැසැල් කිහිපයක් සහභාගී විය.

බාලක බාලිකා ශූරතාවය හා අනුශූරතාවය දිනාගත් කණ්ඩායම් ‍හතරට ශුරතා හා අනුශූරතා කුසලාන සමග මුදල් ත්‍යාගද ඊට අමතරව සහභාගී වූ සියළු පාසැල් වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහභාගිත්ව සහතිකයක්ද පිරිණැමීමට ෆියුචර් ෆෝ චිල්රන්ඩි ජාත්‍යන්තර පාසැල කටයුතු කර තිබුණි.

කුසලාන හා ත්‍යාග ප්‍රදානය කිරීමේ අවස්ථාවට එහි විදුහල්පති අමරපුර මහ නිකායේ මහ නායක පූජ්‍ය පණ්ඩිත අහුන්ගල්ලේ විමලධම්ම මහ නාහිමි, ෆියුචර් ෆෝ චිල්රන්ඩි ජාත්‍යන්තර පාසැලේ නිර්මාතෘ ජර්මන් ජාතික එල්ෆි ඩේ සූස් මහත්මිය ඇතුළු ෆියුචර් ෆෝ චිල්රන්ඩි ජාත්‍යන්තර පාසැලේ හා ආරාධිත පැසැල් වල ගුරුවර ගුරුවරියන්, දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී විය.

තමිදු මධුසර ලියනගේ  -  අහුන්ගල්ල

විලාසිතා කරන ඔබ දැන්ම බලන්න | Sirikatha online | My Style | Fashion Read Previous

විලාසිතා කරන ඔබ දැන්ම බලන්න | Sirikatha online | My Style | Fashion

විලාසිතා කරන ඔබ දැන්ම බලන්න | Sirikatha online | My Style | Fashion Read Next

විලාසිතා කරන ඔබ දැන්ම බලන්න | Sirikatha online | My Style | Fashion

Realted Post

Leave a comment