අවුරුදු දහඅටේ අපේ පුංචි කෙල්ල රන් පදක්කම දිනයි

චීනයේ හංජොහිදී පැවැත්වෙන 19වැනි ආසියානු ක්‍රීඩා උළෙල අද (ඔක්. 04) පස්වරුවේ පැවැති මීටර 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න සමත් වූවාය. මෙහිදී තරුෂි විනාඩි 2.03.20ක දක්‍ෂතාවක් දැක්වීමට සමත් වූවාය.

මහනුවර දිස්ත්‍රික්කයේ වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන තරුෂි, තවමත් 18 වැනි වියේ පසුවෙමින් සිටියදී මෙම ජයග්‍රහණය ලැබීම සුවිශේෂීය.

මෙම ඉසව්වේ රිදී පදක්කමක විනාඩි 2:03.75ක දක්‍ෂතාවක් දැක් වූ ඉන්දීය ක්‍රීඩිකා හර්මලින් බෙයින්ස් විසින්ද, ලෝකඩ පදක්කම සත්කාරක චීනයේ චුන්යු වොන් විසින්ද දිනාගැනීමට සමත් වූවාය. ඇය විනාඩි 2:03.90ක දක්‍ෂතාවක් දැක්වූවාය.

තරුෂි දිනාගත් මෙම රන් පදක්කම සැලකෙන්නේ ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උළෙල ඉතිහාසයේ මලල ක්‍රීඩා ඉසව්වකින් වසර 21කට පසු දිනාගත් පළමු රන් පදක්කම ලෙසිනි.

අවසන් වරට ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උලෙළක රන් පදක්කමක් දිනා සිටියේ 2002 වසරේ දකුණු කොරියාවේ පැවැති ක්‍රීඩා උළෙලේදීය. එහිදී සුසන්තිකා ජයසිංහ මී. 100 ඉසව්වෙන්ද, දමයන්ති දර්ශා මී. 400 ඉසව්වෙන්ද එම රන් පදක්කම් දිනාගත්හ.

කාර්යබහුල  දවස සුවපත් කරවන ඔසු පැන් Read Previous

කාර්යබහුල දවස සුවපත් කරවන ඔසු පැන්

කාර්යබහුල  දවස සුවපත් කරවන ඔසු පැන් Read Next

කාර්යබහුල දවස සුවපත් කරවන ඔසු පැන්

Realted Post

Leave a comment