එක්දින ක්‍රිකට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර  පසුගිය 08 වැනිදා පැවැති තුන්වන එක්දින ක්‍රිකට් තරගය ලකුණු 99කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. 

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 285ක් රැස්කර ගත්තේය. 

අගනා ඉනිමක නිරත වූ කුසල් මෙන්ඩිස් පන්දු 114ක් තුළ ලකුණු 124ක් ද, චරිත් අසලංක පන්දු 68ක් තුළ ලකුණු 58ක් ද රැස්කර ගැනීමට සමත්විය. 

පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Taskin සහ Miraz කඩුලු දෙක බැගින් ද  Tanzim, Tanvir සහ Shamim අතරේ එක් කඩුල්ල බැගින්ද බෙඳී  ගියේය.

ඒ අනුව ලකුණු 286ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 39යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකිවූයේ, ලකුණු 186ක් පමණි. 

පන්දුවට පහරදීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Hridoy ලකුණු 51ක් ද, Emon ලකුණු 28ක් ද, Miraz ලකුණු 28ක් ද රැස්කර ගැනීමට සමත්විය. 

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසිත ප්‍රනාන්දු සහ දුෂ්මන්ත චමීර අතරේ කඩුලු 3 බැගින් ද, වනිඳු  හසරංග සහ දුනිත් වෙල්ලාලගේ අතරේ කඩුලු 2 බැගින් ද බෙදී ගියේය.

ඒ අනුව තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා - බංග්ලාදේශ එක්දින ක්‍රිකට් තරගාවලිය 2-1 ලෙසින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ සහ තරගාවලියේ වීරයා කුසල් මෙන්ඩිස්.

සටහන: දැහැමි ප්‍රනාන්දු

ඓතිහාසික සේරුවිල මංගල රජමහා විහාරයේ  ආශිර්වාද ලබා ගැනීම Read Previous

ඓතිහාසික සේරුවිල මංගල රජමහා විහාරයේ ආශිර්වාද ලබා ගැනීම

ඓතිහාසික සේරුවිල මංගල රජමහා විහාරයේ  ආශිර්වාද ලබා ගැනීම Read Next

ඓතිහාසික සේරුවිල මංගල රජමහා විහාරයේ ආශිර්වාද ලබා ගැනීම

Realted Post

Leave a comment