කළම්බු ස්ට්‍රයිකර්ස් පළමු ජය ලබයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස අද (31දා) රාත්‍රියේ පැවැති තරගයෙන් බී-ලව් කැන්ඩි කණ්ඩායම ලකුණු 27කින් පරාජය කිරීමට කළම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත් විය. මෙවර තරගාවලියේ ඔවුන් ලැබූ පළමු ජය මෙය වන අතර, තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන්ට ඔවුන් පසුගියවර ශූර ජැෆ්නා කිංග්ස් හමුවේ පරාජය විය.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කළම්බු ස්ට්‍රයිකර්ස් පන්දුවාර 20 තුළදී කඩුලු 06ක් දැවී ලකුණු 157ක් රැස්කිරීමට සමත් වූ අතර, ඊට පිළිතුරු ලෙස බී-ලව් කැන්ඩි කණ්ඩායමට පන්දුවාර 20 තුළදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 130/8ක් පමණි.

තරගයේ වීරයාට හිමි සම්මානය බාබර් අසාම්ට හිමි වූ අතර, ඔවුන් කළම්බු ඉනිම ගොඩනැගීම වෙනුවෙන් පන්දු 52කින් ලකුණු 59ක් රැස්කිරීමට සමත් විය. ඊට හතරේ පහර 04ක් හා එක් හයේ පහරක්ද ඇතුළත් විය.

සටහන - දමිත් වාසල

ඡායාරූප අනුග්‍රහය - ශ්‍රී ලංකා ක්‍රිකට්

බුද්ධානුභාවයෙන් රන් වූ දෝතළු Read Previous

බුද්ධානුභාවයෙන් රන් වූ දෝතළු

අභියෝග මැද සනුජගෙන් ශිෂ්‍යත්වයට ලකුණු 139ක් Read Next

අභියෝග මැද සනුජගෙන් ශිෂ්‍යත්වයට ලකුණු 139ක්

Realted Post

Leave a comment