චමරි ක්‍රිකට් වාර් තා අලුත් කරයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරඟයෙන් වාර් තා තබමින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහරදී නියමිත පන්දුවාර පනහ තුළ කඩුලු පහක් දැවී ලකුණු 301ක් ලබාගත්තේය. එහිදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායිකාව නොදැවී දකුණු 184 ක් ලබා ගත්තාය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා පිළ පන්දුවාර 44.3කදී කඩුලු හතරක් පමණක් දැවී ලකුණු 305 ක් ලබා ජයග්‍රහණය වාර් තා කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකා චමරි අතපත්තු නොදෙවී ලකුණු 195ක් ලබාගත් ගත්තේ එක්දින ක්‍රිකට් තරගාවලියක කාන්තා ක‍්‍රීඩිකාවක් ලබාගත් තුන්වෙනි වැඩිම ලකුණු සංඛ්‍යාව වාර් තා කරමිනි.


එමෙන්ම ඊයේ තරඟය කාන්තා කණ්ඩායමක් එක්දින තරගාවලියක වැඩිම ලකුණු ප්‍රමාණයක් හඹා ගොස් ජය වාර් තා කිරීම ලෙසද වාර් තා පොත් අතරට එක් විය.
සනත් ජයසූරිය ගේ වාර් තාව ද බිද දමමින් චමරි අතපත්තු ලබාගත් ලකුණු ප‍්‍රමාණය ශ‍්‍රී ලංකා පිරිමි ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගෙන් දෙවැනි වන්නේද පැතුම් නිශ්ශංක ලබා ගත් ද්විත්ව ශතකයට පමණි.

ධම්මික බණ්ඩාර

ඡායාරෑප - අන්තර් ජාලයෙන්

 

මෙරට නිර්මාණය වූ වංචාවන්ගේ අගමුල සොයන Missing Threads Read Previous

මෙරට නිර්මාණය වූ වංචාවන්ගේ අගමුල සොයන Missing Threads

මාලනියගේ අවසන් රංගනය රැගත්   ’’ මොණර විලක් ’’ තිරයට  එක්වෙයි. Read Next

මාලනියගේ අවසන් රංගනය රැගත් ’’ මොණර විලක් ’’ තිරයට එක්වෙයි.

Realted Post

Leave a comment