ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට...

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 78ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඒ අනුව තරග 2කින් සමන්විත ශ්‍රී ලංකා - බංග්ලාදේශ් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1-0 ලෙසින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. 

SSC ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගය සිව්වන දිනය (28) සඳහා ආරම්භ කරන විට  සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි  බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 115ක් රැස් කරගෙන සිටියේය. 

තරගය සිව්වෙනි දිනය සඳහා ආරම්භ වී පැයක් ගතවන්නටත් පෙර බංග්ලාදේශ දෙවන ඉනිම ලකුණු 133කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්විය.

සිය සුපුරුදු රිද්මයට පැමිණි ප්‍රභාත් ජයසූරිය ලකුණු 56කට කඩුලු 5ක් බිඳහෙලීමට සමත්විය.

තරගයේ සහ තරගාවලියේ වීරයා පැතුම් නිස්සංක.

සටහන: දැහැමි ප්‍රනාන්දු

ඔබත් ආහාර වේලවල් මගහරිනවාද? Read Previous

ඔබත් ආහාර වේලවල් මගහරිනවාද?

අභියෝග මැද සනුජගෙන් ශිෂ්‍යත්වයට ලකුණු 139ක් Read Next

අභියෝග මැද සනුජගෙන් ශිෂ්‍යත්වයට ලකුණු 139ක්

Realted Post

Leave a comment