පළමු 20-20 තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7 විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර ඊයේ (10) පැවති පළමු 20- 20 ක්‍රිකට් තරගය කඩුලු 7කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක සහ චාමික කරුණාරත්න කැඳවා තිබුණි.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 154ක් රැස්කර ගත්තේය. 

පන්දුවට පහරදීමේ දී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Emon ලකුණු 38ක් ද, Naim නොදැවී ලකුණු 32ක් ද රැස්කර ගැනීමට සමත්විය. 

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ කඩුලු 2ක් ද, දසුන් ශානක, නුවන් තුෂාර සහ ජෙෆ්රි වැන්ඩ්‍රසේ අතරේ එක් කඩුල්ල බැගින් ද බෙඳී ගියේය. 

ඒ අනුව ලකුණු 155ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 159ක් ලබාගනිමින් එම ජයග්‍රාහී ඉලක්කය හඹා යාමට සමත් විය.

ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදීමට කුසල් මෙන්ඩිස්ට සහ පැතුම් නිස්සංකට හැකිවිය. අගනා ඉනිමක නිරතවූ කුසල් මෙන්ඩිස් ලකුණු 73ක් ද, පැතුම් නිස්සංක ලකුණු 42ක්ද රැස්කර ගැනීමට සමත්විය. 

පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Rishad, M Saifuddin සහ Miraz අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය. 

තරගයේ වීරයා වූයේ කුසල් මෙන්ඩිස්.

සටහන : දැහැමි ප්‍රනාන්දු

අර්ශස් වළක්වා ගන්නේ කොහොමද? නොකළ යුතු වැරදි Read Previous

අර්ශස් වළක්වා ගන්නේ කොහොමද? නොකළ යුතු වැරදි

රහයි ගුණයි දෙකම Lemon Pepper Salmon Read Next

රහයි ගුණයි දෙකම Lemon Pepper Salmon

Realted Post

Leave a comment