පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 7ක තියුණු ජයක්...

ශ්‍රී ලංකා කණ්ඩායම සහ  සිම්බාබ්වේ කණ්ඩායම අතර පසුගිය 29 වනදා හරාරේ හීදී පැවති පළමු එක්දින  ක්‍රිකට් තරගය ලකුණු 7කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. 

කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 298ක් රැස්කර ගැනීමට සමත් විය. 

පන්දුවට පහරදීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 76ක් ද, ජනිත් ලියනගේ නොදැවී ලකුණු 70ක් ද රැස්කර ගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් Ngarava කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වූ අතර Williams, Raza සහ Gwandu අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

ඒ අනුව ලකුණු 299ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායමට කඩුලු 8ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 291ක් පමණි. 

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් දියත් කළ Sikandar Raza ලකුණු 92ක් රැස්කර ගැනීමට සමත් විය. 

අවසාන පන්දුවාරය දක්වාම තරඟය ඉතා උණුසුම් වූ අතර ඩිල්ෂාන් මධුසංකගේ අවසන් පන්දුවාරය ශ්‍රී ලංකාවට ජයග්‍රහණයේ දොරටු විවර කිරීමට සමත් විය. අවසන් පන්දුවාරයේදී  ඩිල්ෂාන් මදුසංක පිටපිට කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත් විය.

ඒ අනුව පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඩිල්ෂාන් මධුසංක කඩුලු 4ක්ද, අසිත ප්‍රනාන්දු කඩුලු 3ක්ද, කමිදු මෙන්ඩිස් එක් කඩුල්ලක් ද බිඳ හෙළීමට සමත් විය.

ඒ අනුව තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා - සිම්බාබ්වේ තරගාවලිය 1-0 ලෙසින් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ වීරයා ඩිල්ෂාන් මධුසංක.

සටහන : දැහැමි ප්‍රනාන්දු

මාතලේ දිරිය කාන්තාවන් අගය කිරීමේ වැඩසටහනක් Read Previous

මාතලේ දිරිය කාන්තාවන් අගය කිරීමේ වැඩසටහනක්

කාන්තා දිනයදා  තෙල්දෙණිය ,දිගන සෙනරත්වෙල   පුස්තකාල මණ්ඩලය  කාන්තාවන්ට අත දෙයි Read Next

කාන්තා දිනයදා තෙල්දෙණිය ,දිගන සෙනරත්වෙල පුස්තකාල මණ්ඩලය කාන්තාවන්ට අත දෙයි

Realted Post

Leave a comment