බී-ලව් කැන්ඩි කණ්ඩායමට පහසු ජයක්

එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ අද (12දා) පස්වරුවේ පැවැති තරගයෙන් තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 08ක ජයක් හිමිකර ගැනීමට වනිඳු හසරංගගේ නායකත්වයෙන් ක්‍රීඩා කරන  බී-ලව් කැන්ඩි කණ්ඩායම සමත් විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැති  මෙම තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් බී-ලව් කණ්ඩායම මොහොමඩ් හාරිස්ගෙ සුපිරි ඉනිමත් සමග (ලකුණු 81) කඩුලු 08ක් දැවී 178ක් ලබා ගත්තා. 

අසීරු ඉලක්කයට පිළිතුරු ලෙස ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 170ක් පමණි.

සටහන - දමිත් වාසල

ඡායාරූප - ශ්‍රී  ලංකා ක්‍රිකට්

 

බුද්ධානුභාවයෙන් රන් වූ දෝතළු Read Previous

බුද්ධානුභාවයෙන් රන් වූ දෝතළු

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක් Read Next

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක්

Realted Post

Leave a comment