වත්මන් ශූරයෝ දඹුල්ල හමුවේ පසුබසිති

ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ 04 වැනි තරගය ලෙස අද (01දා) පස්වරුවේ පැවති තරගයෙන් වත්මන් ශූර ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 08ක පහසු ජයක් ලැබීමට දඹුල්ල ඕරා කණ්ඩායම සමත් විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා කණ්ඩායමට පන්දුවාර 20 තුළදී කඩුලු 07ක් දැවී රැස්කිරීමට හැකිවුයේ ලකුණු 129ක් පමණ් වූ අතර, ඒ අනුව එම ඉලක්කය පන්දුවාර 16.2කදී පසුකර යාමට දඹුල්ල කණ්ඩායම සමත් විය.

තරගයේ වීරයා ලෙස අවිශ්ක ප්‍රනාන්දු සම්මාන දිනාගත්තේය. ඔහු මෙහිදී දඹුල්ල දිනවීම වෙනුවෙන් පන්දු 32කදී හයේ පහර 03ක් හා හතරේ පහර 06ක් සමගින් ලකුණු 52ක් රැස්කිරීමට සමත් විය.

සටහන - දමිත් වාසල

ඡායාරූප අනුග්‍රහය - ශ්‍රී ලංකා ක්‍රිකට්

අඳුරු ලප ඉවත් කර පැහැපත් සමකට සත්කාර Read Previous

අඳුරු ලප ඉවත් කර පැහැපත් සමකට සත්කාර

සීතලට ඔට්ටු නැතිනම් මේ කඳවුරු භූමියට යන්න එපා. Read Next

සීතලට ඔට්ටු නැතිනම් මේ කඳවුරු භූමියට යන්න එපා.

Realted Post

Leave a comment