ශ්‍රි ලංකාවට ජය ගෙනා පුංචි කෙල්ල චමෝදි ප්‍රබෝදා

පසුගිය දා අවසන් වුණු වයස අවුරුදු 19න් පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ එංගලන්තයට එරෙහිව ලකුණු 108ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් සමත් වී තිබෙනවා. අපි මේ කතා කරන  මේ වන විට සමාජ මාධ්‍යයේ කතාබහක් ඇති කර ඇති වයස අවුරුදු 14ක චමෝදි ප්‍රබෝධා ක්‍රීඩා කළේද මෙම තරඟයේයි.

ගාල්ලේ පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 4කදී සියලු දෙනා දැවී ලකුණු 226ක් රැස් කළා.  ලකුණු 227ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එංගලන්ත යොවුන් ක්‍රීඩිකාවන්ට පන්දුවාර 23යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කරගැනීමට හැකි වූයේ ලකුණු 118ක් පමණි. එහිදී 14 හැවිරිදි චමෝදි ප්‍රබෝධා ලකුණු 42කට කඩුලු 5ක් දවා ගත් අතර එය මේ වන විට කාගේත් වැඩි අවධානයකට ලක්වී තිබෙනවා. ඇය මොණරාගල ප්‍රදේශයෙන් බිහිවූ ක්‍රීඩිකාවක්.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ගේ සහ සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ දැඩි අවධානයකට ලක්වූ මෙම පුංචි ක්‍රිකට් ක්‍රීඩිකාව වයස අවුරුදු 14 වන විට 19න් පහළ කාන්තා කණ්ඩායම නියෝජනය කිරීමට තරම් දක්ෂ මෙන් ම වාසනාවන්ත වූවා ය.

කොළඹ සිට කිලෝමීටර් 300කට අධික දුරින් පිහිටි මොනරාගල සිට කිලෝමීටර් 12ක් පමණ ඈතින් පිහිටි කුඹුක්කන නමැති ගම් ප්‍රදේශයේ ජීවත් වන චමුදි ප්‍රබෝධා ඉගෙනුම ලබන්නේ, මොනරාගල පඤ්ඤානන්ද මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ය .

ඡායාරූප : අන්තර්ජාලයෙනි

ළඟ ළඟ එන වසන්තයට විලාසිතා Read Previous

ළඟ ළඟ එන වසන්තයට විලාසිතා

ඉන්ධන මිළ ඉහළ යාමෙන් ප්‍රවාහන ගාස්තුත් ඉහළට – ත්‍රිරෝද, පාසල් වෑන් සහ පුද්ගලික බස් ගාස්තු වැඩි කිරීමට සූදානම් Read Next

ඉන්ධන මිළ ඉහළ යාමෙන් ප්‍රවාහන ගාස්තුත් ඉහළට – ත්‍රිරෝද, පාසල් වෑන් සහ පුද්ගලික බස් ගාස්තු වැඩි කිරීමට සූදානම්

Realted Post

Leave a comment