තක්කාලි ක්රීම් සුප්
අවශ්ය ද්රව්ය:
-
තක්කාලි 500g
-
සිහින්ව කපා ගත් ළූණු ගෙඩි 2
-
සිහින්ව කපා ගත් සුදු ළූණු බික් 5
-
මාගරින් තේ හැඳි 3
-
ගම්මිරිස් කුඩු (රස අනුව)
-
බේ කොළ 3 (Bay Leaves)
-
ලුණු කුඩු (රස අනුව)
-
එළවළු තම්බා ගත් වතුර 400ml (Vegetable stock)
-
සිහින්ව කපා ගත් පාස්ලි 20g
-
පාන් පෙති 4
-
පාන් පිටි තේ හැඳි 5
-
අලුත් බේසිල් කොළ
සාදන ආකාරය:
-
මුලින්ම තක්කාලි සෝදා පිරිසිදු කර ගන්න. ඉන්පසු තක්කාලි උණු වතුරේ විනාඩි කිහිපයක් තම්බා ගන්න (Blanch).
-
තම්බා ගත් තක්කාලිවල ඇට සහ පොතු ඉවත් කර, කුඩා කැබලිවලට කපා ගන්න.
-
භාජනයක් ළිප මත තබා එයට මාගරින් එකතු කරන්න. මාගරින් රත් වූ පසු එයට සිහින්ව කපා ගත් ළූණු, සුදු ළූණු, බේ කොළ සහ ඔරෙගනෝ එකතු කර හොඳින් තෙම්පරාදු කර ගන්න.
-
ඉන්පසු එයට පාන් පිටි ස්වල්පය එකතු කර ගන්න.
-
දැන් එයට පොතු සහ ඇට ඉවත් කර ගත් තක්කාලි කැබලි එකතු කරන්න. විනාඩි කිහිපයක් පිසෙන්නට හැර, එළවළු තම්බා ගත් වතුර (Vegetable stock) ස්වල්පයක් එකතු කර මද ගින්නේ තබන්න.
-
පසුව එය ළිපෙන් ඉවත් කර නිවෙන්නට හරින්න.
-
නිවුණු පසු බ්ලෙන්ඩරයක් භාවිතයෙන් හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න.
-
ඉන්පසු එය නැවත බඳුනකට දමා රස අනුව ගම්මිරිස් සහ ලුණු කුඩු එක් කරන්න.
-
පාන් පෙති කොටු කපා තෙලෙන් බැද ගන්න (Croutons).
-
පිළිගන්වන සුප් කෝප්පයට උඩින් බැදගත් පාන් පෙති සහ බේසිල් කොළ දමා උණුවෙන්ම පිළිගන්වන්න.
සටහන: කසුනි විජේසිංහ

Leave a comment