රසට පදමට කරවල හොද්ද

අවශ්‍ය ද්‍රව්‍ය 

කැබලි කරගත් කට්ට කරවල ග්‍රෑම් දෙසීයක්. (මෙය නටන උණු වතුරේ විනාඩි පහක් පමණ පොඟවා පසුව සෝදා ගන්න. එයින් කරවල වල තද ගතිය ඉවත් වී යයි) 

  • අමු තුනපහ කුඩු මේස හැඳි භාගයක්. 
  • මිරිස් කුඩු මේස හැඳි භාගයක්. 
  • කහ කුඩු මෙස හැඳි භාගයක්. 
  • සිහින්ව කපාගත් බී ලූනු  ගෙඩියක්.
  • කැබලි කරගත් තක්කාලි ගෙඩියක්. 
  • රම්පේ , කරපිංචා. 
  • උළුහල් තේ හැඳි භාගයක්. 
  • සිහින්න කපාගත් අමුමිරිස් කරල් දෙකක්. 
  • ගොරකා කැබැල්ලක්. 
  • දිය කිරි කෝප්ප තුනක්. 
  • මිටි කිරි කෝප්පයක්. 
  • රස අනුව ලුණු. 

සාදන අයුරු. 

භාජනයකට කට්ට කරවල, බී ලූනු, අමු මිරිස් කහ මිරිස්කුඩු, අමුතුන පහ කරපිංචා, රම්පේ උළුහාල්, ගොරකා දියකිරි දමා කිරි කැටි ගැසෙන නොගෙන ලෙස සෙමින් විනාඩි පහක් හැඳි ගාන්න. තක්කාලි, මිටිකිරි දමා නැවත විනාඩි දෙකක් උතුරුවා ලිපෙන් ඉවත් කරගන්න. අවශ්‍ය නම් පමණක් ලුණු දමා ගන්න. 

නිතර කුසගින්න දැනීම හෝ නොදැනීම ලෙඩක්ද? Read Previous

නිතර කුසගින්න දැනීම හෝ නොදැනීම ලෙඩක්ද?

අඹ කරිය හරියටම මෙහෙමයි Read Next

අඹ කරිය හරියටම මෙහෙමයි

Realted Post

Leave a comment