අඹ කරිය හරියටම මෙහෙමයි

අඹ කරිය හරියටම මෙහෙමයි 

අවශ්‍ය ද්‍රව්‍ය. 

  • හතරට පලාගත් පැසුණු අඹ කිලෝ එකක් .
  • බී ලූනු  ග්‍රෑම් 100ක්. 
  • අමුමිරිස් කරල් හතරක් .
  • සුදුලූණු බික් හයක්. 
  • කරපිංචා , රම්පෙ 
  • මිරිස්කුඩු තේ හැඳි දෙකක්. 
  • බැදපු තුන පහ මේස හැඳි තුනක්. 
  • කහ තේ හැන්දක්.
  • තෙල්. 
  • කුරුදු පොතු කැබැල්ලක්. 
  • රස අනුව ලුණු. 
  • මිටි කිරි හෝ වතුර කෝප්පයක්. 
  • සීනි තේ හැඳි දෙකක්. 
  • උළු හාල් තේ හැඳි භාගයක්. 

සාදන අයුරු. 

භාජනයකට තෙල් දමා ලිප තබා බීලූනු ,රම්පෙ, කරපිංචා, කුරුඳු, උළුහාල්, තුනපහ, කහ ,මිරිස් කුඩු, සුදුලූනු ,අඹ එකතු කර පිසගන්න. තැම්බීගෙන එන විට සීනි එකතුකර වතුර හෝ මීටි කිරි එකතු කරන්න .

 

නිතර කුසගින්න දැනීම හෝ නොදැනීම ලෙඩක්ද? Read Previous

නිතර කුසගින්න දැනීම හෝ නොදැනීම ලෙඩක්ද?

එදා රෑ, 18 එනවා Read Next

එදා රෑ, 18 එනවා

Realted Post

Leave a comment